Categories
Dhammapada

DhammapadaDhp 4 Puppha Vagga
Flowers (44-59)

Ko imaṃ pathaviṃ vicessati,
Yamalokañca imaṃ sadevakaṃ;
Ko dhammapadaṃ sudesitaṃ,
Kusalo pupphamiva pacessati.

44. Who will overcome this earth? Who will overcome this plane of misery? Who will overcome this world with its gods? Who will realize the well-taught words of the Dhamma, as an expert garland maker selects beautiful flowers?

44. මේ පෘථිවිය ජයගන්නෙ කවුද? අපාය ජයගන්නෙ කවුද? දෙවියන් සහිත වූ මේ ලෝකය ජයගන්නෙ කවුද? දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරාගෙනම නෙලාගන්නවා වගේ මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙ කවුද?

Sekho pathaviṃ vicessati,
Yamalokañca imaṃ sadevakaṃ;
Sekho dhammapadaṃ sudesitaṃ,
Kusalo pupphamiva pacessati.

45. The trainee in the Dhamma path will overcome this earth. He will overcome the plane of misery. He will overcome this world with its gods. The trainee will realize the well-taught words of the Dhamma, as an expert garland maker selects beautiful flowers.

45. ඒ අමා නිවන් මගේ ගමන් කරන කෙනා තමයි මේ පෘථිවිය දිනාගන්නෙ. අපාය දිනා ගන්නෙත් ඒ තැනැත්තාමයි. දෙවියන් සහිත මේ ලෝකයම දිනාගන්නෙත් ඒ කෙනාම තමයි. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරලා, නෙළාගන්නවා වගේ, මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙත් ඒ තැනැත්තාමයි.

Pheṇūpamaṃ kāyamimaṃ viditvā,
Marīcidhammaṃ abhisambudhāno;
Chetvāna mārassa papupphakāni,
Adassanaṃ maccurājassa gacche.

46. Understanding that this body is fragile like foam, realizing life’s mirage-like nature, cutting off Māra’s flowers of defilements, go beyond the sight of Māra!

46. අසාර වූ පෙණ පිඬක් විලසටයි මේ කය ගැන දැනගන්නට ඕනෙ. ජීවිතේ තුළ තියෙන්නෙ මිරිඟුවක ස්වභාවයක් කියලයි අවබෝධ කරගන්ට ඕනෙ. මාරයා සතුව තියෙන කෙලෙස් බන්ධන කියන මල් මාලාවන් සිඳ බිඳ දමලා, මාරයාට කිසිසේත් දකින්ට බැරි නිවන කරාමයි යන්න ඕනෙ.

Pupphāni heva pacinantaṃ,
byāsat­ta­manasaṃ naraṃ;
Suttaṃ gāmaṃ mahoghova,
maccu ādāya gacchati.

47. The person obsessed by sense pleasures chases after them as a garland maker searches for flowers. Māra carries away that person to the plane of misery like a great flood sweeps away a sleeping village.

47. මල්කාරයෙක්, නෙලාගන්ට මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමය ම හොය හොය යනවා. අන්තිමේදී ගමක මිනිස්සු නිදාගෙන සිටිද්දීම මහ ගංවතුරක් ඇවිත් ඔවුන්ව මුහුදට ගහගෙන යනවා වගේ, මාරයා විසින් ඒ පුද්ගලයාවත් අපා දුකට අරගෙන යනවා.

Pupphāni heva pacinantaṃ,
byāsat­ta­manasaṃ naraṃ;
Atittaññeva kāmesu,
antako kurute vasaṃ.

48. The person obsessed by sense pleasures chases after them as a garland maker searches for flowers. Although he has not fully satisfied himself with sense pleasures, Māra brings him under his control.

48. මල්කාරයෙක්, නෙලාගන්ට මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමය ම හොය හොය යනවා. අන්තිමේදී ඔහු මාරයාගේ ග්‍රහණයට හසුවෙන්නෙ, ඒ කාමයන් ගැන තෘප්තියකට පත් නොවී සිටිද්දීමයි.

Yathāpi bhamaro pupphaṃ,
vaṇṇa­gandha­mahe­ṭhayaṃ;
Paleti rasamādāya,
evaṃ gāme munī care.

49. As a bee gathers nectar from the flower and flies away without harming the flower’s beauty or its fragrance, just so the sage goes on his alms round in the village.

49. බඹරා මල් පැණි අරගෙන පියඹා යන්නේ, ඒ මලේ සුන්දරත්වයත්, සුවඳත් වනසන්නෙ නැතිවයි. මුනිවරයාත් ගමේ පිඬුසිඟා වඩින්නෙ අන්න ඒ විදිහටයි.

Na paresaṃ vilomāni,
na paresaṃ katākataṃ;
Attanova avekkheyya,
katāni akatāni ca.

50. Do not consider what is false in what others say or what they have or have not done. Consider instead what you have or have not done.

50. අනුන්ගේ වචනවල ඇදකුද හොයන්ට ඕනෙ නෑ. අනුන් කළ – නොකළ දේවල් ගැන සොයන්ට ඕනෙත් නෑ. තමන් ගැනම බලාගත්තහම ඇති. තමන් කළ නොකළ දේ ගැන බලාගත්තහම ඇති.

Yathāpi ruciraṃ pupphaṃ,
vaṇṇavantaṃ agandhakaṃ;
Evaṃ subhāsitā vācā,
aphalā hoti akubbato.

51. A beautiful flower that is colourful but without fragrance is not perfect. In the same way, the well spoken-words of the Buddha become fruitless for the person who does not practice them.

51. ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ වුණාට කිසි සුවඳක් කෑ. අන්න ඒ වගේමයි, බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය වුණත් අනුගමනය නොකරන කෙනෙකුට වැඩක් නෑ.

Yathāpi ruciraṃ pupphaṃ,
Vaṇṇavantaṃ sagandhakaṃ;
Evaṃ subhāsitā vācā,
Saphalā hoti pakubbato.

52. A beautiful flower that is colourful and also fragrant is perfect. In the same way, the well-spoken words of the Buddha become fruitful for the person who practices them.

52. ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ වගේම හරිම සුවඳයි. අන්න ඒ වගේමයි. බුදු සමිඳුන් වදාළ ධර්මය අනුගමනය කළොත්, සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන්.

Yathāpi puppharāsimhā,
kayirā mālāguṇe bahū;
Evaṃ jātena maccena,
kattabbaṃ kusalaṃ bahuṃ.

53. As an expert garland maker makes many garlands from a heap of flowers, you who obtained the human life should do many wholesome deeds.

53. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ, මිනිස් ලෝකෙ ඉපදිච්ච කෙනා ඒ විදිහටම පුළුවන් තරම් කුසල්මයි කරගන්න ඕනෙ.

Na pupphagandho paṭivātameti,
Na candanaṃ tagaramallikā vā;
Satañca gandho paṭivātameti,
Sabbā disā sappuriso pavāyati.

54. The scent of flowers does not go against the wind. The scent of sandalwood, jasmine, and rosebay does not go against the wind. But the scent of a grateful person does travel against the wind. The scent of his virtues spreads in all directions.

54. මල් සුවඳ උඩු සුළඟෙ හමා යන්නෙ නෑ. සඳුන්, තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත්, උඩු සුළඟෙ හමන්නෙ නෑ. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ සුවඳ උඩු සුළඟෙ පවා හමනවා. සත්පුරුෂයා හැම දිසාවක්ම සුවඳවත් කරනවා.

Candanaṃ tagaraṃ vāpi,
uppalaṃ atha vassikī;
Etesaṃ gandhajātānaṃ,
sīlagandho anuttaro.

55. Of all the fragrances—sandalwood, rosebay, water lily, and jasmine—the fragrance of virtue is the sweetest.

55. සඳුන්, තුවරලා, මානෙල්, සමන් පිච්ච කියන ඔය මල්වල සුවඳට වඩා, ගුණවතුන්ගේ සිල් සුවඳ කොයිතරම් උතුම් ද.

Appamatto ayaṃ gandho,
yāyaṃ tagaracandanī;
Yo ca sīlavataṃ gandho,
vāti devesu uttamo.

56. Slight is the scent of rosebay or sandalwood, but the scent of the virtuous is supreme, drifting even to heaven.

56. සඳුන්, තුවරලා වගේ මල්වල තියෙන්නෙ සුවඳ ටිකයි. ඒ වුණාට, සිල්වතුන්ගේ ගුණ සුවඳ ඊට වඩා උතුම්. දෙව්ලොවටත් හමාගෙන යනවා.

Tesaṃ sam­panna­sīlānaṃ,
appa­māda­vihāri­naṃ;
Samma­dañ­ñā­vimuttā­naṃ,
māro maggaṃ na vindati.

57. The liberated ones are virtuous and practice the Dhamma diligently. They are freed from suffering by the realization of the Noble Truths. Māra never finds the path by which they are liberated.

57. ඒ රහතන් වහන්සේලා සීලවන්තයි. අප්‍රමාදීව ම යි ධර්මයේ හැසිරෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධය තුළින් දුකින් නිදහස් වෙලයි ඉන්නෙ. උන්වහන්සේලා වඩින මග මාරයාට නම් දැනගන්ට බෑ.

Yathā saṅ­kāra­dhānas­miṃ,
ujjhitasmiṃ mahāpathe;
Padumaṃ tattha jāyetha,
sucigandhaṃ manoramaṃ.

58. In the roadside ditch, in a heap of rubbish, blooms a lotus, sweet smelling and pleasing to the eyes.

58. මහපාර අයිනෙ කුණු දාන ලොකු වතුර වළවල් තියෙනවා. ඔය මඩ වතුරෙ නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම් මල හරිම සුවඳයි. හරිම ලස්සනයි.

Evaṃ saṅkārabhūtesu,
andhabhūte puthujjane;
Atirocati paññāya,
sammā­sambud­dha­sāvako.

59. In the same way, among the rubbish heap of unaware ordinary people, the disciple of the Supreme Buddha shines brightly with wisdom.

59. මේ අන්ධබාල පෘථග්ජනයන්ගේ ලෝකෙත් ඔය විදිහමයි. කුණු දාන වතුර වළක් වගේ. නමුත් ඔය ලෝකෙමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බබලන්නේ. මඩේ පිපිච්ච සුවඳ නෙළුමක් වගේ.

Sādhu! Sādhu! Sādhu!

Three Bar Menu Button

Dhammapada 4 Puppha Vagga: Flowers (44-59)

Explore other suttas with this topic:

Listen:

Have a question?

Do you have a question about what you have read?