Categories
Dhammapada

DhammapadaDhp 7 Arahanta Vagga
The Liberated One (90-99)

Gataddhino visokassa,
vippamuttassa sabbadhi;
Sabba­gan­thappa­hīnassa,
pariḷāho na vijjati.

90. The liberated one has reached the end of the journey of rebirths. He is freed of sorrow. He is liberated in all ways. He is released from all bonds; therefore, no fever of passion exists in him.

90. රහතන් වහන්සේ සසර ගමන අවසන් කරලයි ඉන්නෙ. ශෝක රහිතවයි ඉන්නෙ. හැම දේකින්ම මුළුමනින්ම නිදහස් වෙලයි ඉන්නෙ. හැම කෙලෙස් ගැටයක්ම නැති කරලයි ඉන්නෙ. ඒ නිසා උන්වහන්සේ තුළ කිසි කෙලෙස් දාහයක් නෑ.

Uyyuñjanti satīmanto,
na nikete ramanti te;
Haṃsāva pallalaṃ hitvā,
okamokaṃ jahanti te.

91. The liberated ones are well established in mindfulness. They are always focused on the purity of their mind. They are not attached to anything. Like swans flying from a lake, they abandon their dwelling places time after time and leave unattached.

91. ඒ රහතන් වහන්සේලා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙනමයි ඉන්නෙ. සමථ – විදර්ශනාවේ ම යි නැවත නැවත යෙදෙන්නෙ. සිව්පසයට හිත ඇලෙන්නෙ නෑ. ඒ නිසා උන්වහන්සේලා වැඩසිටින හැම තැනක්ම අත්හැරලා බැඳීම් රහිත සිතින් පිටත්වෙලා යන්නෙ විල අත්හැරලා පියඹා යන හංසයන් වගේ.

Yesaṃ sannicayo natthi,
ye pariñ­ñā­ta­bhojanā;
Suññato animitto ca,
vimokkho yesaṃ gocaro;
Ākāseva sakuntānaṃ,
gati tesaṃ durannayā.

92. The liberated ones do not store up material items. They have understood the real nature of the food they consume. Their minds are focused on the meditative objects of emptiness, signlessness, and Nibbāna. Their path cannot be traced, like that of birds in the sky.

92. ඒ රහතන් වහන්සේලා තුළ සිව්පසය රැස් කිරීමක් නෑ. වළඳන දානයේ යථාර්ථය උන්වහන්සේලා දන්නවා. උන්වහන්සේලාට ශූන්‍යතා සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත් නිවනත් අරමුණු වෙලයි තියෙන්නෙ. අහසේ පියඹා ගිය කුරුල්ලන්ගේ ගමන් මග කාටවත් දකින්නට බෑ. ඒ වගේම ඒ රහතුන් වැඩිය මගත් කාටවත් දකින්නට බෑ.

Yassāsavā parikkhīṇā,
āhāre ca anissito;
Suññato animitto ca,
vimokkho yassa gocaro;
Ākāseva sakuntānaṃ,
padaṃ tassa durannayaṃ.

93. The liberated ones have destroyed all impurities. They are unattached to food. Their minds are focused on the meditative objects of emptiness, signlessness, and Nibbāna. Their steps cannot be traced, like that of birds in the sky.

93. ඒ රහතන් වහන්සේලා සියලු කෙලෙස් නැතිකරලයි ඉන්නෙ. වළඳන දානෙ ගැන සිතේ ඇල්මක් නෑ. සුඤ්ඤත සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත්, නිවනත් අරමුණු වෙලයි ඉන්නෙ. අහසේ පියාඹා ගිය කුරුල්ලන්ගේ පා සටහන් කාටවත් දැකගන්නට බෑ. ඒ වගේම නිවනට වඩින රහතුන්ගේ පිය සටහන් කාටවත් දැකගන්ට බෑ.

Yassindriyāni samathaṅgatāni,
Assā yathā sārathinā sudantā;
Pahīnamānassa anāsavassa,
Devāpi tassa pihayanti tādino.

94. The liberated ones’ sense faculties are well subdued like horses well trained by a charioteer. They have abandoned conceit and are without impurities. Even the gods cherish such liberated ones who have unshaken minds.

94. දක්ෂ රියදුරෙක් විසින් ඉතා හොඳට හීලෑ කරපු අශ්වයන් වගේ, යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියයන් හොඳට හීලෑ කරගත්තා නම්, මාන්නය නැතිකරපු, කෙලෙස් නැතිකරපු, අකම්පිත සිත් ඇති ඒ රහතන් වහන්සේට දෙවියන් පවා කැමතියි.

Pathavisamo no virujjhati,
Indakhilupamo tādi subbato;
Rahadova apetakaddamo,
Saṃsārā na bhavanti tādino.

95. The liberated one does not offend anyone. He is not shaken by ups and downs like the great earth. He is firm in virtue like a deep-established stone pillar. He is like a lake without mud. For such liberated ones, there is no more wandering in the journey of rebirths.

95. රහතන් වහන්සේ කා එක්කවත් විරුද්ධ වෙන්නෙ නෑ. මහ පොළොව වගෙයි. අටලෝ දහමින් කම්පා වෙන්නෙ නෑ. ඉන්ද්‍රඛීලයක් වගේ. යහපත් සීලයකින් යුක්තයි. මඩ නැති විලක් වගේ. එබඳු රහතන් වහන්සේට සංසාර ගමනක් නෑ.

Santaṃ tassa manaṃ hoti,
santā vācā ca kamma ca;
Samma­dañ­ñā­vimuttassa,
upasantassa tādino.

96. The liberated one is calm in mind, calm in speech, and calm in action. He is liberated through right understanding. Such a person is fully at peace.

96. රහතන් වහන්සේට තියෙන්නෙ නිවී සැනසී ගිය හදවතක්. උන්වහන්සේගේ වචනත් නිවිලා තියෙන්නෙ. කයත් නිවිල තියෙන්නෙ. අවබෝධයෙන්ම දුකින් නිදහස් වුණ, උපශාන්ත සිත් ඇති රහතන් වහන්සේ එහෙම තමයි.

Assaddho akataññū ca,
sandhicchedo ca yo naro;
Hatāvakāso vantāso,
sa ve uttamaporiso.

97. If someone has gone beyond faith and obtained personal experience, is not grateful to the five groups of clinging, has severed the links of the dependent origination, has destroyed the potential for rebirth, and has thrown out all defilements, he truly is the most excellent of humans.

97. යම් කෙනෙක් ඇදහීම ඉක්මවා ගිහින්, අකත නම් වූ නිවන පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයට පැමිණුනා නම්, පටිච්ච සමුප්පාදයේ පුරුක් කඩලා දැම්මා නම්, උපදින්ට තියෙන හැම අවස්ථාවක්ම නැති කළා නම්, කෙලෙස් වමනෙ දැම්මා නම්, ඇත්ත වශයෙන්ම ඔහු උතුම් මනුෂ්‍යයෙක්.

Gāme vā yadi vāraññe,
Ninne vā yadi vā thale;
Yattha arahanto viharanti,
Taṃ bhūmi­rāma­ṇeyya­kaṃ.

98. Whether in a village, forest, valley, or on a hill, wherever liberated ones dwell, delightful indeed, is that place.

98. ගමක වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා, රහතන් වහන්සේලා යම් තැනක වැඩඉන්නවා නම්, ඒ බිම ඇත්තෙන්ම සුන්දරයි.

Ramaṇīyāni araññāni,
yattha na ramatī jano;
Vītarāgā ramissanti,
na te kāmagavesino.

99. Delightful are forests, where the sense-pleasure seekers do not delight. There, the liberated ones delight, for they seek no sense pleasures.

99. මහා වනාන්තර හරිම ලස්සනයි. ඒ වුණාට කම් සැප හොයන ජනයා ඒ වනයට ඇලෙන්නෙ නෑ. වීතරාගී වූ රහතන් වහන්සේලා නම් මහ වනයට හරි කැමතියි. උන්වහන්සේලා කම් සැප හොයන්නෙ නැති නිසයි එහෙම වුණේ.

Sādhu! Sādhu! Sādhu!

Three Bar Menu Button

Dhammapada 7 Arahanta Vagga: The Liberated One (90-99)

Explore other suttas with these similes:

Listen:

Have a question?

Do you have a question about what you have read?