Manopubbaṅgamā dhammā,
manoseṭṭhā manomayā;
Manasā ce paduṭṭhena,
bhāsati vā karoti vā;
Tato naṃ dukkhamanveti,
cakkaṃva vahato padaṃ.
1. All actions in this life are preceded by mind. Mind is their chief. They are made by mind. If one speaks or acts with an impure mind, suffering follows one like the wagon wheel that follows the foot of the ox.1
ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගෙ පස්සෙන් එන රෝදයක් වගෙයි.
Manopubbaṅgamā dhammā,
manoseṭṭhā manomayā;
Manasā ce pasannena,
bhāsati vā karoti vā;
Tato naṃ sukhamanveti,
chāyāva anapāyinī.
2. All actions in this life are preceded by mind. Mind is their chief. They are made by mind. If one speaks or acts with a pure mind, happiness follows one like one’s never-departing shadow.
ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන්ම එනවා. තමාව අත්නොහරින හෙවනැල්ලක් වගෙයි.
Akkocchi maṃ avadhi maṃ,
ajini maṃ ahāsi me;
Ye taṃ upanayhanti,
veraṃ tesaṃ na sammati.
3. “He abused me, he attacked me, he defeated me, and he robbed me.” Those who harbour such thoughts will never end their hatred.
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ.
Akkocchi maṃ avadhi maṃ,
ajini maṃ ahāsi me;
Ye taṃ na upanayhanti,
veraṃ tesūpasammati.
4. “He abused me, he attacked me, he defeated me, and he robbed me.” Those who do not harbour such thoughts will end their hatred.
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්‍රෝධයක් ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය සංසිඳිලා යනවා.
Na hi verena verāni,
sammantīdha kudācanaṃ;
Averena ca sammanti,
esa dhammo sanantano.
5. Hatred never ends through hatred; by non-hatred alone does it end. This is an eternal law in this world.
මේ ලෝකයේ කවරදාවත් වෛර කිරීමෙන් නම් වෛරය සංසිඳෙන්නේ නෑ. වෛර නොකිරීමෙන් ම යි වෛරය සංසිඳෙන්නේ. මේක මේ ලෝකයේ තිබෙන සනාතන ධර්මයක්.
Pare ca na vijānanti,
mayamettha yamāmase;
Ye ca tattha vijānanti,
tato sammanti medhagā.
6. The people who quarrel do not realize that one day through these quarrels they will die, but those who do realize this fact settle their quarrels.
“මේ විදිහට කෝලාහල කරගන්ට ගියොත්, අපි ම යි විනාශ වෙන්නේ” කියල මේ කෝලාහල කරන උදවිය දන්නෙ නෑ. නමුත් මේ කෝලාහල වලින් වැනසෙන්නෙ අපි ම යි කියල යම් කෙනෙක් දන්නවා නම්, ඒ තුළින් ම යි කෝලාහල සංසිඳෙන්නේ.
Subhānupassiṃ viharantaṃ,
indriyesu asaṃvutaṃ;
Bhojanamhi cāmattaññuṃ,
kusītaṃ hīnavīriyaṃ;
Taṃ ve pasahati māro,
vāto rukkhaṃva dubbalaṃ.
7. Whoever lives focused on pleasant things, with their sense faculties unguarded, immoderate in eating, lazy and sluggish, will be overpowered by Māra, just as a storm throws down a weak tree.
තමාව ඇවිස්සෙන විදිහට අරමුණු සුභ වශයෙන්ම බල බලා ඉන්ට ගියොත්, ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් අසංවර කරගත්තොත්, දන් වැළඳීමේ අර්ථය පවා දන්නෙ නැත්නම්, ඔහු කුසීත වූ, හීන වීරිය ඇති කෙනෙක්. ඔහු මාරයාට යටවෙන්නේ මහා සුළඟකින් කඩාගෙන වැටෙන දුර්වල ගහක් වගේ.
Asubhānupassiṃ viharantaṃ,
Indriyesu susaṃvutaṃ;
Bhojanamhi ca mattaññuṃ,
Saddhaṃ āraddhavīriyaṃ;
Taṃ ve nappasahati māro,
Vāto selaṃva pabbataṃ.
8. Whoever lives focused on the unpleasant nature of things, with their sense faculties guarded, moderate in eating, faithful and diligent, will not be overpowered by Māra, just as a storm cannot shake a rocky mountain.
රාගය දුරුවෙලා යන විදිහට අසුභ දෙය අසුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්, ඔහු ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් වීරිය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොළවන්ටවත් බැහැ. කොයි තරම් හුළං හැමුවත් සොළවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි.
Anikkasāvo kāsāvaṃ,
yo vatthaṃ paridahissati;
Apeto damasaccena,
na so kāsāvamarahati.
9. Whoever is defiled, devoid of self-control and truthfulness and yet wears the monk’s robe is surely not worthy of the robe.
කවුරු හරි කසාවත පොරවාගෙන ඉන්නෙ කෙලෙස් කහටත් එක්ක නම්, ඉන්ද්‍රිය දමනයක් නැති, ඇත්ත කතා කිරීමක් නැති ඒ පුද්ගලයා (මේ අරහත් ධජය වූ) කසාවත පොරවන්ට කිසිසේත් සුදුසු නෑ.
Yo ca vantakasāvassa,
sīlesu susamāhito;
Upeto damasaccena,
sa ve kāsāvamarahati.
10. Whoever has removed defilements, is well established in virtue, and is filled with self-control and truthfulness is indeed worthy of the robe.
කසාවත දරාගෙන ඉන්න කෙනා කෙලෙස් කහට වමනෙ දැම්මා නම්, සිල්වත් නම්, සමාධියකින් යුක්ත නම්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත නම්, ඇත්ත කතා කරන කෙනෙක් නම්, ඇත්තෙන්ම ඔහු තමයි කසාවතට නියම සුදුස්සා.
Asāre sāramatino,
sāre cāsāradassino;
Te sāraṃ nādhigacchanti,
micchāsaṅkappagocarā.
11. In this world, there are unbeneficial things. Some people mistake these unbeneficial things to be beneficial. They also mistake the beneficial things, such as developing virtue, concentration, and wisdom, to be unbeneficial. They are enveloped in wrong thoughts. They never reach what is beneficial.
මේ ලෝකයේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිථ්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.
Sārañca sārato ñatvā,
asārañca asārato;
Te sāraṃ adhigacchanti,
sammāsaṅkappagocarā.
12. Based on right view, some people always think right thoughts. These wise people know the beneficial things, such as developing virtue, concentration, and wisdom, to be beneficial. They also know the unbeneficial things to be unbeneficial. That is why they reach the most beneficial, Nibbāna.
සම්මා දිට්ඨිය නිසා, සම්මා සංකප්ප ඇති කරගත්ත උදවිය ඉන්නවා. ඔවුන් සීල, සමාධි, ප්‍රඥා ආදී සාරවත් දේ, සාරවත් දේ හැටියටම අවබෝධයෙන් දන්නවා. නිස්සාර දේ නිස්සාර දේ හැටියටත් දන්නවා. ඒ නිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගන්නවා.
Yathā agāraṃ ducchannaṃ,
vuṭṭhī samativijjhati;
Evaṃ abhāvitaṃ cittaṃ,
rāgo samativijjhati.
13. Just as rain breaks through a poorly-roofed house, lust penetrates the mind that has not been developed by calming and insight meditations.
ගෙයක වහලය සෙවිලි කරලා තියෙන්නෙ වැරදි පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය තුළින් ගෙට වතුර ගලනවා. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු නොකළ සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට රාගය ඇතුල් වෙනවා.
Yathā agāraṃ suchannaṃ,
vuṭṭhī na samativijjhati;
Evaṃ subhāvitaṃ cittaṃ,
rāgo na samativijjhati.
14. Just as rain does not break through a well-roofed house, lust never penetrates the mind that has been well developed by calming and insight meditations.
ගෙයක වහලය සෙවිලි කරලා තියෙන්නෙ නියම පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය තුළින් ගෙට වතුර ගලන්නේ නෑ. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු කරපු සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට රාගය ඇතුල්වෙන්නෙ නෑ.
Idha socati pecca socati,
Pāpakārī ubhayattha socati;
So socati so vihaññati,
Disvā kammakiliṭṭhamattano.
15. The evil doer grieves in this life and in the next. He grieves in both worlds. He cries and is afflicted, seeing his own defiled actions.
පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී ශෝක වෙන්නේ. පරලොවදීත් ඔහුමයි ශෝක වෙන්නේ. දෙලොවදීම ඔහු ශෝක වෙනවා. තමන් විසින් සිදුකරගත්තු කිලිටි අකුසල කර්ම දැකලා, ඔහු ශෝක වෙනවා. පීඩාවට පත් වෙනවා.
Idha modati pecca modati,
Katapuñño ubhayattha modati;
So modati so pamodati,
Disvā kammavisuddhimattano.
16. The maker of merit rejoices in this life and in the next. He rejoices in both worlds. He rejoices and is delighted, seeing his own pure actions.
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු ම යි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා.
Idha tappati pecca tappati,
Pāpakārī ubhayattha tappati;
“ Pāpaṃ me katan”ti tappati,
Bhiyyo tappati duggatiṃ gato.
17. The evil doer feels regret in this life and in the next. He feels regret in both worlds. He is regretful knowing, “I have done evil.” He is more regretful once he is reborn in the plane of misery.
පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී පසුතැවෙන්නේ. පරලොවදී පසුතැවෙන්නෙත් ඔහු ම යි. ඔහු දෙලොවදීම පසුතැවෙනවා. ‘අයියෝ! මං පව් කරගත්තා’ කියලා පසුතැවෙනවා. අපායේ ඉපදුණාට පස්සෙ ඔහු ගොඩක් පසුතැවෙනවා.
Idha nandati pecca nandati,
Katapuñño ubhayattha nandati;
“ Puññaṃ me katan”ti nandati,
Bhiyyo nandati suggatiṃ gato.
18. The maker of merits is delighted in this life and in the next. He is delighted in both worlds. He is delighted in knowing, “I have made merit.” He is delighted even more once he is reborn in heaven.
හොඳට පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුමයි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. ‘මං පිං කරගත්තා’ කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුණාට පස්සෙ ගොඩක් සතුටු වෙනවා.
Bahumpi ce sahitaṁ bhāsamāno,
Na takkaro hoti naro pamatto;
Gopova gāvo gaṇayaṃ paresaṃ,
Na bhāgavā sāmaññassa hoti.
19. Even though the negligent person preaches much Dhamma to others, he does not practice accordingly. He is like a cowherd who only counts the cows of others. He does not attain the stages of enlightenment as a monk.
ප්‍රමාදී පුද්ගලයා අනික් උදවියට කොයිතරම් ධර්ම දේශනා කළත්, තමන් ඒ ධර්මය අනුගමනය කරන්නේ නෑ. ඔහු අනුන්ගේ ගව පට්ටියක් පෝෂණය කරන ගොපල්ලෙක් වගෙයි. තමන්ගේ ශ්‍රමණ ජීවිතයෙන් මාර්ග ඵල අවබෝධයකට හිමිකාරයෙක් වෙන්නෙ නෑ.
Appampi ce sahitaṁ bhāsamāno,
Dhammassa hoti anudhammacārī;
Rāgañca dosañca pahāya mohaṃ,
Sammappajāno suvimuttacitto;
Anupādiyāno idha vā huraṃ vā,
Sa bhāgavā sāmaññassa hoti.
20. Even if the person practicing the Dhamma preaches little to others, he lives according to the Dhamma. With developed knowledge and a well-freed mind, he abandons passion, hatred, and delusion. Not clinging to anything in this world or the next, he attains the stages of enlightenment as a monk.
ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්ම දේශනා කරන්නේ ටිකක් වෙන්න පුළුවනි. නමුත් ඔහු ඒ ධර්මයේ පිහිටලා රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා. ධර්මාවබෝධය තුළින් දුකෙන් නිදහස් වෙච්ච සිතක් ඇති කර ගන්නවා. මෙලොව, පරලොව කිසි දේකට ඔහු බැඳෙන්නෙ නෑ. තමන්ගේ ශ්‍රමණ ජීවිතෙන් උතුම් මග ඵල ලබාගැනීමේ හිමිකාරයා වෙන්නෙ අන්න ඒ භික්ෂුව තමයි.
Sādhu! Sādhu! Sādhu!