Categories
Dhammapada

DhammapadaDhp 26 Brāhmaṇa Vagga
The True Brahmin (383-423)

Chinda sotaṃ parakkamma,
kāme panuda brāhmaṇa;
Saṅkhārānaṃ khayaṃ ñatvā,
akataññūsi brāhmaṇa.

383. Oh brahmin, dry up this river of craving! Oh brahmin, dispel sense desire! Realizing the destruction of all the conditioned things, oh brahmin, become ungrateful to the five groups of clinging.

පින්වත් බ්‍රාහ්මණය, හිතට වීරිය අරගෙන මේ තණ්හා ගඟ වියළවා දමන්න. මේ කාමාශාව දුරු කරන්න. පින්වත් බ්‍රාහ්මණය, මේ සංස්කාරයන්ගේ ක්‍ෂයවීම නුවණින් අවබෝධ කරගෙන, අකත නම් වූ නිර්වාණය අවබෝධ කළ තැනැත්තෙක් වෙන්න.

Yadā dvayesu dhammesu,
pāragū hoti brāhmaṇo;
Athassa sabbe saṃyogā,
atthaṃ gacchanti jānato.

384. When the brahmin has reached the full culmination of calm and insight meditations, all bonds come to their end; realizing this truth, he becomes liberated.

නිවන් මග වඩන බ්‍රාහ්මණයා සමථ විදර්ශනා දෙකේ කෙළවරටම ගිය දවසට මේ හැම බන්ධනයක්ම නැතිවෙලා යනවා. යථාර්ථය අවබෝධ වීම නිසා අරහත්වයට පත්වෙනවා.

Yassa pāraṃ apāraṃ vā,
pārāpāraṃ na vijjati;
Vītaddaraṃ visaṃyuttaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

385. He for whom there is neither this shore called internal sense bases nor the other shore called the external sense bases, nor both shores, and he who is released from defilements and free of distress, him do I call true brahmin.

යම් භික්ෂුවකට මෙතෙර නම් වූ ආධ්‍යාත්මික ආයතනත්, එතෙර නම් වූ බාහිර ආයතනත් යන මේ එතෙර මෙතෙර දෙකටම බැඳී ගිය කිසිවක් නැත්නම්, ඔහු කෙලෙස් පීඩා දුරු කළ කෙනෙක්. කෙලෙසුන්ගෙන් වෙන්වෙච්ච කෙනෙක්. ඔහුටයි මම කියන්නෙ සැබෑම බ්‍රාහ්මණයා කියලා.

Jhāyiṃ virajamāsīnaṃ,
kata­kicca­ma­nāsa­vaṃ;
Uttamat­tha­manup­pattaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

386. He who meditates, freed of the stain of defilements, who has completed the path to Nibbāna, is free from impurities, and has reached the highest goal, liberation, him do I call a true brahmin.

ඔහු ධ්‍යාන වඩනවා නම්, කෙලෙස් දූවිලිවලින් තොර නම්, වැඩිය යුතු නිවන් මග සම්පූර්ණ කරලා නම්, ආශ්‍රව රහිත නම්, උත්තම අර්ථය වූ ඒ අමා නිවනට පත්වෙලා නම්, ඔහුටයි මම කියන්නෙ සැබෑම බ්‍රාහ්මණයා කියලා.

Divā tapati ādicco,
rattimābhāti candimā;
Sannaddho khattiyo tapati,
jhāyī tapati brāhmaṇo;
Atha sabba­maho­rattiṃ,
buddho tapati tejasā.

387. The sun shines by day, the moon glows at night. The warrior king shines in armour. A true brahmin shines in meditation. But all day and all night, the Buddha shines in splendour.

දවාලටයි හිරු බබලන්නේ. රාත්‍රියටයි සඳු බබලන්නේ. සේනාවෙන් සන්නද්ධ වෙලා, ආභරණවලින් සැරසුණාමයි රජු බබලන්නේ. ධ්‍යාන වඩනකොටයි සැබෑම බ්‍රාහ්මණයා බබලන්නේ. නමුත් දිවා රාත්‍රී හැමතිස්සෙම බුදු සමිඳුන් තමයි තේජසින් බබලන්නේ.

Bāhitapāpoti brāhmaṇo,
Samacariyā samaṇoti vuccati;
Pabbā­ja­yamattano malaṃ,
Tasmā “pabbajito”ti vuccati.

388. Because he has discarded evil, he is called a brahmin; because he is engaged in the Dhamma and pure conduct, he is called a monk; and because he drives out his defilements, this person is called a monk.

තම සිතින් පව් බැහැර කරපු නිසයි බ්‍රාහ්මණයා කියන්නේ. ධර්මයේ හැසිරිලා, යහපතේ යෙදෙන නිසයි, ශ්‍රමණයා කියන්නෙ. තමන් තුළ තිබුන කෙලෙස් දුරුකරන නිසයි පැවිද්දා කියන්නෙ.

Na brāhmaṇassa pahareyya,
nāssa muñcetha brāhmaṇo;
Dhī brāhmaṇassa hantāraṃ,
tato dhī yassa muñcati.

389. One should not strike the liberated one, the true brahmin. He does not show anger, which no longer exists in him. Shame on the person who hits the true brahmin and a greater shame on the person who shows anger!

අරහත් මුනිවරයා නම් වූ සැබෑම බ්‍රාහ්මණයාට පහර දෙන්ට හොඳ නෑ. අරහත් බ්‍රාහ්මණයා කෝපය පිටකරන ස්වභාවයෙන් තොර කෙනෙක්. අරහත් බ්‍රාහ්මණයාට පහර දෙන කෙනාට නින්දා වේවා! අරහත් බ්‍රාහ්මණයා ගැන කෝපය මතුකරන කෙනාටත් නින්දා වේවා!

Na brāhma­ṇas­seta­da­kiñci seyyo,
Yadā nisedho manaso piyehi;
Yato yato hiṃsamano nivattati,
Tato tato sammatimeva dukkhaṃ.

390. The quality of patience in a brahmin is not an insignificant quality. The hateful person enjoys hating. The liberated brahmin turns his mind away from thoughts of harming. To the extent the thoughts of harming wears away, to that extent does his suffering subside.

අරහත් බ්‍රාහ්මණයා තුළ ඇති ඉවසීමේ ගුණය පොඩි දෙයක් නොවෙයි. කෝප වන පුද්ගලයා කෝප සිත් ඇතිකර ගැනීමෙනුයි ප්‍රීති වෙන්නෙ. අරහත් භික්ෂුව ඔහුගේ ඒ හිංසාකාරී සිත වළක්වනවා. යම් යම් කරුණකින් ඒ ක්‍රෝධ සිත් ඇති පුද්ගලයාගේ, ඒ ක්‍රෝධ සිත වළක්වනවා නම්, ඒ කාරණයෙන් ඔහුට ලැබෙන්න තියෙන දුකත් වැළකෙනවා.

Yassa kāyena vācāya,
manasā natthi dukkaṭaṃ;
Saṃvutaṃ tīhi ṭhānehi,
tamahaṃ brūmi brāhmaṇaṃ.

391. He who does no evil by body, speech, and mind, and is restrained in these three ways—him do I call a brahmin.

යම් කෙනෙකුට කය, වචනය, මනස යන තිදොරින් අකුසල් කිරීමක් නැත්නම්, ඔය තැන් තුනෙන්ම සංවර වෙලා නම් ඉන්නෙ, ඔහුට තමයි මම කියන්නේ සැබෑම බ්‍රාහ්මණයා කියලා.

Yamhā dhammaṃ vijāneyya,
sammā­sambud­dha­desitaṃ;
Sakkaccaṃ taṃ namasseyya,
aggihuttaṃva brāhmaṇo.

392. Just as a brahmin worships a fire ritual, so does the grateful person respectfully worship his teacher from whom he learnt the Dhamma that was taught by the fully enlightened Buddha.

සම්මා සම්බුදු රජුන් විසින් මනාකොට වදාළ ධර්මය තමන් ඉගෙන ගත්තෙ යම් කෙනෙකුගෙන් නම්, තමන්ට ධර්මය ඉැගන්වූ ඒ ගුරුවරයාට ඔහු ඉතා හොඳින් වඳිනවා. බ්‍රාහ්මණයෙක් ගින්නට වඳිනවා වගේ.

Na jaṭāhi na gottena,
na jaccā hoti brāhmaṇo;
Yamhi saccañca dhammo ca,
so sucī so ca brāhmaṇo.

393. Not by matted hair, nor by clan, and nor by birth does one become a brahmin. The one who realizes the Four Noble Truths, follows the Dhamma, and leads a pure life, is a true brahmin.

ජටා බැන්දා කියලවත්, ගෝත්‍රය නිසාවත්, ඉපදුණ ජාතිය නිසාවත්, බ්‍රාහ්මණයෙක් වෙන්නෙ නෑ. යමෙක් තුළ ආර්ය සත්‍යයත්, ධර්මයත්, පිරිසිදු ජීවිතයත් තියෙනවා නම්, ඔහු තමයි සැබෑම බ්‍රාහ්මණයා.

Kiṃ te jaṭāhi dummedha,
kiṃ te ajinasāṭiyā;
Abbhantaraṃ te gahanaṃ,

bāhiraṃ parimajjasi.

394. Oh one with little wisdom, what use is matted hair? What use is an antelope skin robe? Within you is the tangle of defilements; only outside do you groom.

අඥාන තැනැත්ත, ඔය ජටා බැඳගෙන ඇති පලේ මොකක්ද? ඔය අඳුන් දිවි සමෙන් ඇති පලේ කුමක්ද? තමන්ගේ ජීවිතේ ඇතුළේ කෙලෙස් පිරිලා තියෙද්දී බාහිර දේමයි ඔපදමන්නෙ.

Paṃsu­kūla­dharaṃ jantuṃ,
kisaṃ dhama­ni­san­tha­taṃ;
Ekaṃ vanasmiṃ jhāyantaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

395. The person who wears a robe made of discarded rags, who is lean, with veins showing all over the body, and who meditates alone in the forest—him do I call a brahmin.

සොහොනින් ගත්තු රෙදිවලින් මහපු සිවුරු තමයි පොරවාගෙන ඉන්නෙ. ශරීරයත් හරිම කෙට්ටුයි. නහර වැල් ඉලිප්පිලා තියෙනවා. හුදෙකලාවම වනයේ ඇතුළට ගිහින් භාවනා කරනවා. මං බ්‍රාහ්මණයා කියල කියන්නෙ අන්න ඒ පුද්ගලයාටයි.

Na cāhaṃ brāhmaṇaṃ brūmi,
yonijaṃ mattisambhavaṃ;
Bhovādi nāma so hoti,
sace hoti sakiñcano;
Akiñcanaṃ anādānaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

396. I do not call him a brahmin because he was merely conceived into a brahmin mother’s womb and was born from that brahmin mother. He is someone with defilements; therefore he is a venerable sir only by name. But he who is free from defilements and clinging —him do I call a brahmin.

බැමිණියකගේ කුසේ වැඩිලා, ඒ මව් කුසින් බිහි වූ පමණින් ඔහුට මම බ්‍රාහ්මණයා කියන්නේ නෑ. ‘භවත’ ‘භවත’ කිය කියා ගියාට ඔහු කෙලෙස් සහිත කෙනෙක්. ‘භවත’ කියන්නේ නමට විතරයි. යමෙක් තුළ කෙලෙස් නැත්නම්, උපාදාන නැත්නම්, මං බ්‍රාහ්මණයා කියල කියන්නෙ අන්න ඒ පුද්ගලයාටයි.

Sabba­saṃ­yoja­naṃ chetvā,
yo ve na paritassati;
Saṅgātigaṃ visaṃyuttaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

397. He, who, has cut off all bonds, does not tremble at all, and, who has overcome all ties of defilements and is released from them—him do I call a brahmin.

යම් කෙනෙක් සියලු බන්ධන සිඳලා, තැති ගැනීමක් නැතුව ඉන්නවා නම්, කෙලෙස් ඉක්මවා ගිය, කෙලෙස් සමඟ එක් නොවුණ ඒ නිකෙලෙස් තැනැත්තාටයි මං බ්‍රාහ්මණයා කියන්නේ.

Chetvā naddhiṃ varattañca,
sandānaṃ sahanukkamaṃ;
Ukkhitta­pali­ghaṃ buddhaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

398. He who has cut off the rope called hatred, the strong cord called craving, the great chain called wrong views, and he who has lifted up and destroyed the crossbar called ignorance and is enlightened—him do I call a brahmin.

ක්‍රෝධය නම් වූ ලණුව කපලා දාලා තෘෂ්ණාව නම් වූ දැඩි රැහැණත් කපලා දාලා, මිථ්‍යා දෘෂ්ටි නම් වූ මහා දම්වැලත් සිඳලා දාලා, අවිද්‍යාව නම් වූ දොර අගුළුත් කඩලා දාලා ආර්ය සත්‍ය අවබෝධ කළ මුනිවරයාටයි මං බ්‍රාහ්මණයා කියන්නේ.

Akkosaṃ vadhabandhañca,
aduṭṭho yo titikkhati;
Khantībalaṃ balānīkaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

399. He who endures abuse, beating, and punishment without hating and who has patience as his power and as his mighty army—him do I call a brahmin.

බාහිර උදවිය ආක්‍රෝෂ කරද්දීත්, කායික වධබන්ධන කරද්දීත් ඒ කිසි දේකට කිපෙන්නෙ නැතුව ඉවසනවා නම්, ඉවසීම ම බලය කරගෙන ඉන්න අරහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Akkodhanaṃ vatavantaṃ,
sīlavantaṃ anussadaṃ;
Dantaṃ antimasārīraṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

400. He who is free from anger, observant in proper conduct and duties, virtuous, without craving, self-controlled, and bears his final body—him do I call a brahmin.

ඔහුට කේන්ති යන්නෙ නෑ. වත පිළිවෙතිනුත් යුක්තයි. සීල සම්පන්නයි. තණ්හාවෙනුත් තොරයි. ඉන්ද්‍රිය දමනයෙන් යුක්තයි. අන්තිම සිරුර තමයි දරාගෙන ඉන්නේ. අන්න ඒ රහත් මුනිවරයාටයි මං බ්‍රාහ්මණයා කියන්නේ.

Vāri pok­kha­ra­pat­teva,
āraggeriva sāsapo;
Yo na limpati kāmesu,
tamahaṃ brūmi brāhmaṇaṃ.

401. Like a slipping water drop on a lotus leaf or a mustard seed falling off the point of a needle, he who is not attached to sense pleasures—him do I call a brahmin.

නෙළුම් කොළයක නොරැඳෙන වතුර බිංදුවක් වගේ, ඉඳිකටු තුඩේ කෙළවර නොපිහිටන අබ ඇටයක් වගේ, යම් කෙනෙක් කාමයන් තුළ පිහිටන්නෙ නැත්නම්, ඒ තැනැත්තාටයි මම සැබෑම බ්‍රාහ්මණයා කියන්නෙ.

Yo dukkhassa pajānāti,
idheva khayamattano;
Pannabhāraṃ visaṃyuttaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

402. He who realizes for himself that his suffering will come to an end in this very life, who has laid aside the burden of defilements and is released from them—him do I call a brahmin.

යම් කෙනෙක් තමන්ගේ මේ සසර දුක, මේ ජීවිතය තුළදීම අවසන් වන බව දන්නවා නම්, කෙලෙස් බර වීසි කරපු, කෙලෙසුන් හා එක් නොවුණ අන්න ඒ අරහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නෙ.

Gambhīrapaññaṃ medhāviṃ,
maggāmaggassa kovidaṃ;
Uttamat­tha­manup­pattaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

403. He who has profound wisdom, who is extremely wise, skilled in distinguishing the right path and wrong path, and has reached the highest goal, liberation—him do I call a brahmin.

ඒ කෙනාට ගැඹුරු ප්‍රඥාවක් තියෙනවා. හරිම බුද්ධිමත්. මග නොමග තෝරාගන්ටත් හරිම දක්ෂයි. ජීවිතයක ලැබිය යුතු උතුම්ම අර්ථය වන අරහත්වයටත් පත්වෙලයි ඉන්නෙ. අන්න ඒ පුද්ගලයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Asaṃsaṭṭhaṃ gahaṭṭhehi,
anāgārehi cūbhayaṃ;
Anoka­sā­ri­map­pic­chaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

404. He who does not mingle with householders, monks and nuns, is without craving, and is with few wishes—him do I call a brahmin.

ගිහි පැවිදි කා සමඟවත් ඔහු තුළ කිසි බැඳීමක් නෑ. ඔහු තෘෂ්ණා රහිතවයි ඉන්නෙ. අල්පේච්ඡයි. අන්න ඒ පුද්ගලයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Nidhāya daṇḍaṃ bhūtesu,
tasesu thāvaresu ca;
Yo na hanti na ghāteti,
tamahaṃ brūmi brāhmaṇaṃ.

405. He who has given up violence towards beings both fearless and fearful, who neither kills nor influences others to kill—him do I call a brahmin.

තැති ගන්න, තැති නොගන්න, සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් දඬු මුගුරු අත්හැරපු, තමනුත් සතුන් නොමරණ, අනුන් ලවාත් නොමරවන, ඒ තැනැත්තාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Aviruddhaṃ viruddhesu,
attadaṇḍesu nibbutaṃ;
Sādānesu anādānaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

406. He who is friendly among those who oppose, is peaceful among the violent, and does not cling among those who cling—him do I call a brahmin.

විරුද්ධ වෙන ස්වභාවයෙන් යුතු මහජනයා අතර කා සමඟවත් විරුද්ධ නොවී, දඬු මුගුරු ගත් මහජනයා අතර, නිවී ගිය සිත් ඇති, බැඳුණු සිත් ඇති මහජනයා අතර නොබැඳුණු සිතින් යුතු ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Yassa rāgo ca doso ca,
māno makkho ca pātito;
Sāsaporiva āraggā,
tamahaṃ brūmi brāhmaṇaṃ.

407. He whose passion, hatred, conceit, and ungratefulness have fallen off from his mind like a mustard seed from the point of a needle—him do I call a brahmin.

රාගයත්, ද්වේෂයත්, මානයත්, ගුණමකුකමත්, හිඳිකටු තුඩ අග නොරැඳී වැටෙන අබ ඇටයක් වගේ, යම් කෙනෙකුගේ සිතින් බැහැර වුණා නම්, ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Akakkasaṃ viññāpaniṃ,
giraṃ saccamudīraye;
Yāya nābhisaje kañci,
tamahaṃ brūmi brāhmaṇaṃ.

408. He who speaks gentle, beneficial, sweet, and truthful words, who never makes others angry— him do I call a brahmin.

කර්කශ වචන කියන්නෙ නැත්නම්, දෙලොව දියුණුව සළසන, මිහිරි වූ යහපත් වූ සත්‍ය වචන කියනවා නම්, කිසි කෙනෙකුව කෝප ගන්වන්නෙ නැත්නම්, අන්න ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නෙ.

Yodha dīghaṃ va rassaṃ vā,
aṇuṃ thūlaṃ subhāsubhaṃ;
Loke adinnaṃ nādiyati,
tamahaṃ brūmi brāhmaṇaṃ.

409. He who in this world does not steal anything, be it long or short, large or small, beautiful or not—him do I call a brahmin.

යම් කෙනෙක් ලෝකයේ ඇති දිග හෝ කෙටි හෝ කුඩා හෝ ලොකු හෝ ලස්සන හෝ කැත හෝ නුදුන් දෙයක් නොගනී නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මං බ්‍රාහ්මණයා කියන්නෙ.

Āsā yassa na vijjanti,
asmiṃ loke paramhi ca;
Nirāsāsaṃ visaṃyuttaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

410. He who has no desire for this world or the next and who is desire-free and has been released from defilements—him do I call a brahmin.

යමෙක් තුළ මෙලොව ගැනවත්, පරලොව ගැනවත් ආසාවක් නැත්නම්, ආශා රහිත නම්, කෙලෙසුන්ගෙන් තොර නම්, ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Yassālayā na vijjanti,
aññāya akathaṅkathī;
Ama­togadha­manup­pattaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

411. He who has no craving, who through perfect realization is free from doubts, and has plunged into the deathless, Nibbāna—him do I call a brahmin.

යමෙක් තුළ තෘෂ්ණාව නැත්නම්, අවබෝධයට පැමිණීම නිසා සැකයෙන් තොර නම්, ඒ අමා නිවනටත් පත්වෙලා නම් ඉන්නෙ, අන්න ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Yodha puññañca pāpañca,
ubho saṅgamupaccagā;
Asokaṃ virajaṃ suddhaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

412. He who has transcended ties of both merit and demerit here in this life, and is sorrowless, taintless, and pure—him do I call a brahmin.

යමෙක් මේ ජීවිතය තුළදීම පිනත් පවත් කියන දෙකම ප්‍රහාණය කළා නම්, ඔහු ශෝක රහිත කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. පිරිසිදු කෙනෙක්. ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Candaṃva vimalaṃ suddhaṃ,
vippa­sanna­ma­nāvi­laṃ;
Nandī­bhava­parik­khī­ṇaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

413. He who, like the full moon, is spotless and pure, extremely serene and still, and has destroyed craving for existence—him do I call a brahmin.

ඔහු පුන්සඳක් වගේ නිර්මලයි. පිරිසිදුයි. අතිශයින්ම ප්‍රසන්නයි. කැළඹිලි නෑ. භව තෘෂ්ණාව නැතිකරලයි ඉන්නෙ. අන්න ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Yomaṃ palipathaṃ duggaṃ,
saṃsāraṃ mohamaccagā;
Tiṇṇo pāraṅgato jhāyī,
anejo akathaṃkathī;
Anupādāya nibbuto,
tamahaṃ brūmi brāhmaṇaṃ.

414. He who has passed beyond the troublesome road of defilements, this difficult path, this journey of rebirths, this delusion; crossed over and reached the other shore; is a meditator, free from craving, free from doubt, and clinging to nothing; and who has become cooled—him do I call a brahmin.

යමෙක් මේ කෙලෙස් මඩවගුරෙන් යුක්ත දුෂ්කර ගමනින් එතෙර වුණා නම්, මායා – මෝහ ඇති සංසාරය ඉක්මවා ගියා නම්, ඔහු එතෙර වුණ කෙනෙක්. පරතෙරට ගිය කෙනෙක්. ධ්‍යාන වඩන කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. සැක රහිත කෙනෙක්. කිසිවකට නොබැඳී නිවී ගිය කෙනෙක්. අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Yodha kāme pahantvāna,
anāgāro paribbaje;
Kāmabha­va­parik­khī­ṇaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

415. He who, having given up sense pleasures here, has renounced the household life and has become a monk or a nun and has destroyed both cravings for sense pleasures and existence—him do I call a brahmin.

යම් කෙනෙක් මෙහි කාමයන් අත්හැරලා, අනගාරික ශාසනේ පැවිදි වෙලා, කාම තණ්හා, භව තණ්හා ආදිය නැති කළා නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Yodha taṇhaṃ pahantvāna,
anāgāro paribbaje;
Taṇhā­bhava­parik­khī­ṇaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

416. He who, having given up craving for sense pleasures here, has renounced the household life, has become a monk or a nun, and has destroyed craving and repeated existence—him do I call a brahmin.

යම් කෙනෙක් මෙහි කාමයන් කෙරෙහි ඇති තණ්හාව අත්හැරලා දාලා, අනගාරික ශාසනේ පැවිදි වෙලා, භව තෘෂ්ණාව ප්‍රහාණය කළා නම්, ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Hitvā mānusakaṃ yogaṃ,
dibbaṃ yogaṃ upaccagā;
Sabba­yoga­visaṃ­yuttaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

417. He who, having given up human bondage, and having gone beyond heavenly bondage, is released from all bondages—him do I call a brahmin.

යමෙක් මිනිස් ලොව බැඳීම අත්හැරලා, දෙව්ලොවට ඇති බැඳීමත් ඉක්මවා ගියා නම්, හැම කෙලෙස් බැඳීමෙන්ම වෙන් වුණා නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Hitvā ratiñca aratiñca,
sītibhūtaṃ nirūpadhiṃ;
Sabba­lo­kā­bhi­bhuṃ vīraṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

418. He who, having given up liking for sense pleasures and disliking for meditation, has become cooled, without defilements, and is a true hero who has conquered all the worlds—him do I call a brahmin.

කාමයට ඇති ඇල්මත් අත්හැරලා, භාවනාවේ නොඇලෙන ගතියත් අත්හැරලා, සිසිල් වෙලා, නිකෙලෙස් වුණා නම්, හැම ලෝකයක්ම මර්ධනය කරපු ඒ වීරියවන්ත රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Cutiṃ yo vedi sattānaṃ,
upapattiñca sabbaso;
Asattaṃ sugataṃ buddhaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

419. He who, in every way knows the passing away and rebirth of beings, is totally detached from all existence, has gone on the path of Nibbāna, and is enlightened—him do I call a brahmin.

යම් කෙනෙක් සත්වයන්ගේ චුතියත් උපතත් සියලු ආකාරයෙන්ම අවබෝධ කලා නම්, කිසි භවයක සිත ඇලෙන්නෙ නැත්නම්, සුන්දර නිවන් මග ගමන් කළා නම්, ආර්ය සත්‍ය අවබෝධ කළා නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Yassa gatiṃ na jānanti,
devā gandhab­ba­mānusā;
Khīṇāsavaṃ arahantaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

420. He whose track no god, no angel, or no human can trace, the liberated one whose impurities are destroyed—him do I call a brahmin.

යම් කෙනෙක් ගිය මග දෙවියන්ටවත්, මිනිසුන්ටවත්, ගාන්ධර්වයන්ටවත්, දැනගන්නට බැරි නම්, ආශ්‍රව රහිත වූ ඒ රහතන් වහන්සේටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Yassa pure ca pacchā ca,
majjhe ca natthi kiñcanaṃ;
Akiñcanaṃ anādānaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

421. He who has no defilements with regard to the past, present and future, who is undefiled and clings to nothing—him do I call a brahmin.

යමෙකුට අතීතය ගැන හෝ, අනාගතය ගැන හෝ වර්තමානය ගැන හෝ කිසි ක්ලේශයක් නැත්නම්, ඒ තැනැත්තා නිකෙලෙස් කෙනෙක්. උපාදාන රහිත කෙනෙක්. මම ඒ රහතන් වහන්සේටයි බ්‍රාහ්මණයා කියන්නේ.

Usabhaṃ pavaraṃ vīraṃ,
mahesiṃ vijitāvinaṃ;
Anejaṃ nhātakaṃ buddhaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

422. He who is like the best type of bull, the excellent, the great hero, the great sage, the conqueror of Māra’s army, free from craving, has cleansed defilements, and is enlightened—him do I call a brahmin.

ඔහු ආජානීය වෘෂභයෙක් වගේ උතුම් කෙනෙක්. වීරියවන්ත කෙනෙක්. මහා ඉසිවරයෙක්. මර සෙනඟ පරදවා ජයගත් කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. කෙලෙස් සෝදාහළ කෙනෙක්. ආර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක්. අන්න ඒ රහත් මුනිඳුටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Pubbenivāsaṃ yo vedi,
saggāpāyañca passati;
Atho jātikkhayaṃ patto,
abhiññāvosito muni;
Sabba­vosita­vosānaṃ,
tamahaṃ brūmi brāhmaṇaṃ.

423. He who remembers his former lives, who sees heaven and hell with his divine eye, who has attained the end of rebirth and attained the higher knowledges, and who has reached the full culmination of spiritual excellence, Nibbāna—him do I call a brahmin.

යම් කෙනෙක් තමන් ගත කළ පෙර ජීවිත ගැන අවබෝධ කළා නම්, ස්වර්ගයත් අපායත් දිවැසින් දකිනවා නම්, ඒ වගේම ඉපදීම නැති කරලා අරහත්වයටත් පත්වුණා නම්, ඒ සුවිශේෂ ඤාණ ලබාගත්තු ඔහු මුනිවරයෙක්. සියලු කෙලෙස් නසා, නිවන් මග සම්පූර්ණ කරගත්තු කෙනෙක්. අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.

Sādhu! Sādhu! Sādhu!

The Dhammapada is finished

Three Bar Menu Button

Dhammapada 26 Brāhmaṇa Vagga: The True Brahmin (383-423)

Listen:

Have a question?

Do you have a question about what you have read?