Categories
Dhammapada

DhammapadaDhp 5 Bāla Vagga
The Fool (60-75)

Dīghā jāgarato ratti,
dīghaṃ santassa yojanaṃ;
Dīgho bālāna saṃsāro,
saddhammaṃ avijānataṃ.

60. Night is long for one lying awake. Seven miles is long for one exhausted. The journey of rebirth is long for fools who do not realize the true Dhamma.

60. නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට රාත්‍රිය ගොඩාක් දිගයි. වෙහෙසට පත්වෙච්ච කෙනාට යොදුන ගොඩක් දිගයි. අන්න ඒ විදිහමයි, සද්ධර්මය අවබෝධ නොකරගත්තු බාලයන්ගේ සංසාර ගමනත් බොහෝම දිගයි.

Carañce nādhigaccheyya,
Seyyaṃ sadisamattano;
Ekacariyaṃ daḷhaṃ kayirā,
Natthi bāle sahāyatā.

61. You should find a friend who has better qualities than you or has equal qualities. If you do not find such a friend, with great determination, you should live alone. There is no friendship with fools.

61. එක්කො තමන්ට වඩා උසස් කෙනෙක්වයි ආශ්‍රයට සොයාගන්නට ඕනෙ. එහෙමත් නැත්නම් තමන්ට සමාන ගුණධර්ම තියෙන කෙනෙක්වයි ආශ්‍රයට සොයාගන්නට ඕනෙ. එහෙම කෙනෙකුත් සොයාගන්ට නැත්නම්, දැඩි අධිෂ්ඨානයකින් හුදෙකලාවේ තනියම ජීවත්වෙන්ට ඕනෙ. අසත්පුරුෂයන් එක්ක යාළුකම් ඕනෙ නෑ.

Puttā matthi dhanaṃ matthi,
iti bālo vihaññati;
Attā hi attano natthi,
kuto puttā kuto dhanaṃ.

62. The fool is occupied with worldly things saying, “I have children! I have wealth!” In reality, one’s self is not even one’s own. How then are children? How then is wealth?

62. “අනේ මට දරුමල්ලො ඉන්නවා. මට සල්ලි බාගෙ තියෙනවා” කියල අඥාන පුද්ගලයා ඒ මත්තේම හැපෙනවා. නමුත්, තමන්ට තමන්වත් නෑ. එහෙම එකේ දරුමල්ලො කොහෙන්ද? සල්ලි බාගෙ කොහෙන්ද?

Yo bālo maññati bālyaṃ,
paṇḍito vāpi tena so;
Bālo ca paṇḍitamānī,
sa ve “bālo”ti vuccati.

63. The fool who knows his foolishness is wise to that extent. But a fool who considers himself wise is the one indeed to be called a fool.

63. යම්කිසි අඥාන පුද්ගලයෙක් තමන්ගේ අඥානකම දන්නවා නම්, ඔහු නුවණැත්තෙක් වෙන්ට හේතු වෙන්නෙ ඒකමයි. අඥාන පුද්ගලයා තමන් ගැන හිතාගෙන ඉන්නෙ මහා නුවණැත්තෙක් කියලා නම්, ඔහු ඒකාන්තයෙන්ම අඥානයෙක් කියලයි කියන්ට තියෙන්නේ.

Yāvajīvampi ce bālo,
paṇḍitaṃ payirupāsati;
Na so dhammaṃ vijānāti,
dabbī sūparasaṃ yathā.

64. Though a fool associates with a wise person for his entire life, he never understands the Dhamma like the spoon that never tastes the flavour of soup.

64. අඥාන පුද්ගලයෙක් තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාවටම නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළත්, ඔහු නම් ධර්මය අවබෝධ කරන්නේ නෑ. හොද්දක රසය නොතේරෙන හැන්දක් වගේ.

Muhuttamapi ce viññū,
paṇḍitaṃ payirupāsati;
Khippaṃ dhammaṃ vijānāti,
jivhā sūparasaṃ yathā.

65. Though a wise person associates with a wise person only for a moment, he quickly realizes this Dhamma, like the tongue that tastes the flavour of the soup.

65. බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. හොද්දක රසය වහාම දැනගන්න දිවක් වගේ.

Caranti bālā dummedhā,
amitteneva attanā;
Karontā pāpakaṃ kammaṃ,
yaṃ hoti kaṭukapphalaṃ.

66. Fools with no wisdom act as their own enemies. They live doing much evil. Eventually, their evil deeds will bear bitter fruit.

66. ප්‍රඥාවක් නැති අසත්පුරුෂයෝ ජීවත් වෙන්නේ තමන්ම තමන්ට හතුරුකම් කරමිනුයි. පුළුවන් තරම් පව් කර කර කල් ගෙවනවා. අන්තිමේදී කටුක විපාක විඳින්ට සිද්ධ වෙනවා.

Na taṃ kammaṃ kataṃ sādhu,
yaṃ katvā anutappati;
Yassa assumukho rodaṃ,
vipākaṃ paṭisevati.

67. No deed is good that one regrets having done. No deed is good if the result is to be experienced with weeping and a tear-streaked face.

67. යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවෙන්ට සිදුවෙනවා නම්, කඳුළු හල හලා, හඬා ඒකේ විපාක විඳින්ට සිදුවෙනවා නම්, එබඳු පව් කරන්ට හොඳ නෑ.

Tañca kammaṃ kataṃ sādhu,
yaṃ katvā nānutappati;
Yassa patīto sumano,
vipākaṃ paṭisevati.

68. A deed is good when one does not regret having done it. A deed is good if the result is to be experienced with joy and delight.

68. යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවිල්ලක් ඇතිවෙන්නෙ නැත්නම්, ඒ පුණ්‍ය විපාකය විඳින්ට තියෙන්නෙ ප්‍රීතියෙන් පිනාගිය සතුටු සිතකින් නම්, එවැනි පින් කරගන්න එක කොයි තරම් හොඳ දෙයක් ද.

Madhuṃvā maññati bālo,
yāva pāpaṃ na paccati;
Yadā ca paccati pāpaṃ,
atha dukkhaṃ nigacchati.

69. As long as the results of evil deeds have not ripened, the fool thinks doing evil is as sweet as honey. But when the evil deeds ripen, then the fool suffers greatly.

69. පව්කාරයාට තමන් කරපු පව් විපාක නොදෙනතාක්ම, ඒ පව් කිරීම මී පැණි වගේ කියලයි හිතෙන්නෙ. නමුත් යම් දවසක ඒ පව් පලදෙන්ට පටන් ගත්තහම තමයි ඒ අඥාන පුද්ගලයා දුකට වැටෙන්නේ.

Māse māse kusaggena,
bālo bhuñjeyya bhojanaṃ;
Na so saṅ­khā­ta­dhammānaṃ,
kalaṃ agghati soḷasiṃ.

70. The foolish ascetic who eats food with the tip of a blade of grass, month after month, is not worth a sixteenth part of the lives of the liberated ones who have realized the Dhamma.

70. අඥාන පුද්ගලයා කෙලෙස් තවනවා කියලා හිතාගෙන, මාසයකට වතාවක්, තණ කොලයක අග තවරපු ආහාර ඩිංගක් අනුභව කළත්, ඒක ධර්මාවබෝධ කළ රහතන් වහන්සේලාගේ ජීවිතයෙන් දහසයෙන් කොටසක් දහසය වතාවකට බෙදලා ගන්න කොටසක් තරම් වත් වටින්නෙ නෑ.

Na hi pāpaṃ kataṃ kammaṃ,
Sajjukhīraṃva muccati;
Ḍahantaṃ bālamanveti,
Bhas­macchan­nova pāvako.

71. It is true that fresh milk curdles immediately, but the result of one’s evil deed does not ripen immediately. Rather, smoldering like fire covered by ashes, the result of the evil deed follows the fool looking for a chance to ripen.

71. කිරි නම් ඉක්මනට මිදෙනවා තමයි. නමුත් ඒ විදිහට කෙනෙක් කරපු පාප කර්මය ඉක්මනට විපාක දෙන්නෙ නෑ. අළු යට සැඟවෙලා තියෙන ගිනි පුපුරු වගේ තිබිල, නියම වෙලාවට ඒ පාපී පුද්ගලයාව පුච්චමින් පස්සෙන් ලුහුබඳිනවා.

Yāvadeva anatthāya,
ñattaṃ bālassa jāyati;
Hanti bālassa sukkaṃsaṃ,
muddhamassa vipātayaṃ.

72. The knowledge gained by the fool leads to his own ruin. He destroys his remaining goodness entirely. Finally, he cuts off his own head, namely his own wisdom.

72. අසත්පුරුෂයාගේ යම් කිසි දැනුමක් ඇත්නම්, ඔහුගේ විනාශය පිණිසමයි ඒක හේතු වෙන්නෙ. අන්තිමේදී ඒ අසත්පුරුෂයා තමන්ගේ හිස් මුදුන වන නුවණත් වනසාගන්නවා. යහපත් ගතිගුණ ටිකක් හරි ඇත්නම්, ඒකත් වනසාගන්නවා. විනාශය කරාම යනවා.

Asantaṃ bhāva­na­mic­cheyya,
Purekkhārañca bhikkhusu;
Āvāsesu ca issariyaṃ,
Pūjaṃ parakulesu ca.

73. The foolish monk always desires to gain honour from others. He seeks leadership over fellow monks. He is greedy for authority in the monasteries. He desires gifts and homage from householders.

73. අඥාන භික්ෂුව ආස කරන්නෙ ගරු බුහුමන් ලබන්ටමයි. භික්ෂූන් අතරත් මුල් පුටුව ගන්ටමයි කැමති වෙන්නෙ. ස්ථානවල අධිපති වෙන්ටමයි කැමති වෙන්නෙ. දායක පවුල්වලින් පුද පූජා ලබන්ටමයි කැමති වෙන්නෙ.

Mameva kata maññantu,
gihī pabbajitā ubho;
Mamevātivasā assu,
kiccākiccesu kismici;
Iti bālassa saṅkappo,
icchā māno ca vaḍḍhati.

74. The foolish monk thinks, “Both householders and monks must seek advice only from me. In every task, they must follow my instructions.” These intentions only increase his evil wishes and pride.

74. “මේ ගිහි පැවිදි කවුරුත් හැම දෙයක් ගැනම මගෙන් විතරමයි අහන්ට ඕනෙ. ලොකු කුඩා හැම කටයුත්තකදීම මගෙන් විතරමයි උපදෙස් ගන්න ඕනෙ” කියල හිතන එක තමයි බාලයාගේ සිතුවිල්ල. ඒකෙන්මයි ඔහුගෙ පාපී ආසාවනුත්, මාන්නයත් වැඩෙන්නේ.

Aññā hi lābhūpanisā,
aññā nibbānagāminī;
Evametaṃ abhiññāya,
bhikkhu buddhassa sāvako;
Sakkāraṃ nābhinandeyya,
viveka­manub­rūhaye.

75. The way to worldly gain, honour, fame, and praise is one thing. The way to Nibbāna is another. The monk, the disciple of the Buddha, clearly understands this distinction. Therefore, he does not delight in honour. His top priority is living in seclusion.

75. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදවාගන්න එක වෙනත් වැඩපිළිවෙළක්. නිවන් අවබෝධ කරන එක වෙනම වැඩපිළිවෙළක්. බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව ඔය වෙනස හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසා, ඔහු ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වලට කැමති වෙන්නෙ නෑ. බණ භාවනා කිරීමට වුවමනා විවේකය ම යි ඇතිකරගන්නෙ.

Three Bar Menu Button

Dhammapada 5 Bāla Vagga: The Fool (60-75)

Listen:

Have a question?

Do you have a question about what you have read?