Categories
Dhammapada

DhammapadaDhp 6 Paṇḍita Vagga
The Wise (76-89)

Nidhīnaṃva pavattāraṃ,
yaṃ passe vajjadassinaṃ;
Niggayhavādiṃ medhāviṃ,
tādisaṃ paṇḍitaṃ bhaje;
Tādisaṃ bhajamānassa,
seyyo hoti na pāpiyo.

76. When the wise person sees your faults, he points them out and helps you to improve. It is as if he guides you to a hidden treasure. Associate with such a wise person. As a result, only good will come, not bad.

76. නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත්‍රයෙක් වගේ, නුවණැත්තා අඩුපාඩු දැක්කම, කරුණාවෙන් අවවාද කරලා, වරදෙන් මිදෙන්ට උදව් කරනවා. එබඳු නුවණැති සත්පුරුෂයන්වයි ඇසුරු කළ යුත්තේ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් ම යි සිදුවෙන්නෙ. අයහපතක් නම් නොවෙයි.

Ovadeyyā­nusā­seyya,
asabbhā ca nivāraye;
Satañhi so piyo hoti,
asataṃ hoti appiyo.

77. A noble friend advises you, instructs you, and restrains you from doing evil. Such a noble friend is pleasing to grateful people but displeasing to the ungrateful.

77. කල්‍යාණ මිත්‍රයා වරදින් මිදෙන්ට අවවාද කරනවා. යහපතේ හැසිරෙන්ට අනුශාසනා කරනවා. පව්වලින් වළක්වාගන්නවා. එබඳු කල්‍යාණ මිත්‍රයන්ව නුවණැති සත්පුරුෂයන්ට හරි ප්‍රියයි. නමුත් අසත්පුරුෂයින්ට ඔවුන්ව අප්‍රියයි.

Na bhaje pāpake mitte,
na bhaje purisādhame;
Bhajetha mitte kalyāṇe,
bhajetha purisuttame.

78. Do not associate with evil friends. Do not associate with people with evil intentions. Associate with noble friends. Associate with the best of people who are full of wholesome qualities.

78. පාප මිත්‍රයන්ව ඇසුරු කරන්ට එපා! පහත් අදහස් ඇති පුද්ගලයන්වත් ඇසුරු කරන්ට එපා! කල්‍යාණ මිත්‍රයන්ව ඇසුරු කරන්න. සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ දහම් පිරුණු උතුම් පුද්ගලයන්ව ඇසුරු කරන්න.

Dhammapīti sukhaṃ seti,
vippasannena cetasā;
Ariyappavedite dhamme,
sadā ramati paṇḍito.

79. The wise person tranquilises his mind through the realization of the Dhamma. He lives happily rejoicing in the Dhamma. He always delights in the true Dhamma taught by the noble ones.

79. ධර්මාවබෝධයෙන් සිත් සතන් පහන් කරගත් නුවණැති පින්වතුන්, ධර්ම ප්‍රීතියෙන් යුක්තව සැප සේ කල් ගෙවනවා. ඒ නුවණැති සත්පුරුෂයා, බුද්ධාදී ආර්යයන් වහන්සේලා වදාළ ශ්‍රී සද්ධර්මයට හැමදාම ඇළුම් කරනවා.

Udakañhi nayanti nettikā,
Usukārā namayanti tejanaṃ;
Dāruṃ namayanti tacchakā,
Attānaṃ damayanti paṇḍitā.

80. Irrigators guide water to wherever it is needed. Arrow makers shape arrows to fit to task. Carpenters fashion wood for the desired design. The wise tame themselves in the same way.

80. කුඹුරුවලට වතුර ගෙනියන අය තමන් කැමති විදිහට ඇල වේලි කපාගෙන වතුර ගෙනියනවා. හී වඩුවො හී දඬු නවලා, සකස් කරන්නෙ තමන්ට ඕන විදිහටයි. වඩු බාසුන්නැහේලා ලී දඬු නවලා, ලී බඩු හදන්නෙ තමන්ට ඕනෙ විදිහටයි. නුවණැති උදවිය අන්න ඒ විදිහටයි තමන්ව දමනය කරගන්නේ.

Selo yathā ekaghano,
vātena na samīrati;
Evaṃ nindāpasaṃsāsu,
na samiñjanti paṇḍitā.

81. As a solid mass of rock is not shaken by a storm, so too the wise are not moved by praise or blame.

81. තනි කළුගල් පර්වතයක්, කොයිතරම් තදින් හුළං හැමුවත් සෙලවෙන්නෙ නෑ. නුවණැති සත්පුරුෂයොත් අන්න ඒ වගේ තමයි. නින්දා ප්‍රශංසා වලට සෙලවෙන්නෙ නෑ.

Yathāpi rahado gambhīro,
vippasanno anāvilo;
Evaṃ dhammāni sutvāna,
vippasīdanti paṇḍitā.

82. As a deep lake that is clear and still, so too are the wise, having listened to the true Dhamma.

82. මහා විලක් තියෙනවා. ඒක ගැඹුරුයි. වතුර පෑදිලා තියෙන්නෙ. කැළඹිලා නෑ. අන්න ඒ විදිහමයි. ශ්‍රී සද්ධර්මයට සවන් දෙන නුවණැති සත්පුරුෂයෝ ඒ ගැන ගොඩක් පහදිනවා.

Sabbattha ve sappurisā cajanti,
Na kāmakāmā lapayanti santo;
Sukhena phuṭṭhā atha vā dukhena,
Na uccāvacaṃ paṇḍitā dassayanti.

83. Noble people let go of desire for everything. They do not speak deceptively in order to gain pleasures and desires. Touched by happiness or unhappiness, the wise show no elation or depression.

83. සත්පුරුෂ උතුමන් හැම දෙයක් ගැනම ඇති ආශාව දුරුකර ගන්නවා. තමන් කැමති දේවල් ලබාගන්න ආසාවෙන්, ඒ ශාන්ත මුනිවරු චාටු බස් දොඩන්නෙ නෑ. ඒ නිසා සැපක් ලැබුණත්, දුකක් ලැබුණත් නුවණැති උතුමන් ඒ සැප දුකට අනුව උස් පහත් වෙන්නෙ නෑ.

Na attahetu na parassa hetu,
Na puttamicche na dhanaṃ na raṭṭhaṃ;
Na iccheyya adhammena samid­dhi­mattano,
Sa sīlavā paññavā dhammiko siyā.

84. The wise person neither commits evil for his own sake nor for the sake of others. He neither desires children, nor wealth, nor kingdom unrighteously. He does not desire any success by unrighteous means. He is indeed virtuous, wise, and righteous.

84. නුවණැත්තා තමන් සඳහාවත් පව් කරන්නෙ නෑ. අනුන් නිසාවත් පව් කරන්නෙ නෑ. ඔහුට අධාර්මිකව ලැබෙන දූ දරුවො ඕනෙත් නෑ. ධනයක් ඕනෙත් නෑ. රටක් ඕනෙත් නෑ. කොටින්ම අධාර්මිකව ලැබෙන කිසි දියුණුවකට ඔහු කැමති නෑ. ඇත්තෙන්ම ඔහු සිල්වතෙක්. ප්‍රඥාවන්තයෙක් වගේම ධාර්මික කෙනෙක් වෙනවා.

Appakā te manussesu,
ye janā pāragāmino;
Athāyaṃ itarā pajā,
tīra­mevānu­dhāvati.

85. Few among humans, cross over the journey of rebirth to the farther shore called Nibbāna. The rest, the majority of people, only run about on this shore.

85. මේ මනුෂ්‍යයින් අතර සංසාරෙන් එතෙර වෙලා නිවන කරා යන්නෙ ඉතාම ටික දෙනයි. අනික් පෘථග්ජන උදවිය ඔක්කොම ආයෙමත් මේ සංසාරෙට ම යි. මෙතෙරට ම යි දුවගෙන එන්නෙ.

Ye ca kho sammadakkhāte,
dhamme dhammā­nu­vattino;
Te janā pāramessanti,
maccudheyyaṃ suduttaraṃ.

86. Those who act according to the perfectly-taught Dhamma will reach Nibbāna, by crossing the realm of Māra, which is difficult to cross.

86. තථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ උදවිය එතෙර වෙන්ට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවෙලා සංසාරෙන් එතෙර වීම වූ නිවන කරා ම යනවා.

Kaṇhaṃ dhammaṃ vippahāya,
Sukkaṃ bhāvetha paṇḍito;
Okā anokamāgamma,
Viveke yattha dūramaṃ.

87. The wise person abandons unwholesome things and cultivates wholesome things. Then abandoning household life, that person becomes a monk or a nun and enters the solitude, which is hardly enjoyed by ordinary people.

87. නුවණැති පුද්ගලයා අකුසල් දුරුකරනවා. ඒ වගේම ඔහු කුසලුත් වඩන්ට ඕනෙ. ඊට පස්සේ ගිහි ජීවිතේ අත්හැරලා අනගාරික සාසනයටත් ඇතුළු වෙනවා. සාමාන්‍ය ජනතාවට අමාරු හුදෙකලා විවේකය තියෙනවා.

Tat­rā­bhira­ti­mic­cheyya,
hitvā kāme akiñcano;
Pariyodapeyya attānaṃ,
cittaklesehi paṇḍito.

88. The wise person seeks delight in solitude, abandoning sense pleasures. Heading towards ultimate purification, he cleanses himself of the things that defile the mind.

88. අන්න ඒ විවේකයට ඇලී සිටීමටයි ඔහු කැමති වෙන්නෙ. කාමයන් අත්හැරලා, නිකෙලෙස් ජීවිතයක් කරා යන ඒ නුවණැත්තා තමන්ගේ සිත කෙලෙස් වලින් ඉවත් කරගෙන පිරිසිදු කරගන්නවා.

Yesaṃ sam­bodhi­yaṅ­gesu,
sammā cittaṃ subhāvitaṃ;
Ādāna­paṭi­nissagge,
anupādāya ye ratā;
Khīṇāsavā jutimanto,
te loke parinibbutā.

89. Liberated ones’ minds have reached full maturity in the enlightenment factors. Giving up all grasping, they delight in Nibbāna. Since they have destroyed impurities, they glow with wisdom. They are the ones who attain ultimate freedom in this world.

89. යම් කෙනෙකුගේ සිත බොජ්ඣංග ධර්ම තුළ ඉතා හොඳින් දියුණු වෙලා තියෙනවා නම්, සියලු බැඳීම් දුරුකරලා, උපාදාන රහිත වූ අමා නිවනේම ඇලී තියෙනවා නම්, ආශ්‍රවයන් ක්ෂය කරපු ඒ රහතන් වහන්සේලා නුවණින් බබළනවා. උන්වහන්සේලා තමයි මේ ලෝකෙ පිරිනිවන් පාන්නේ.

Sādhu! Sādhu! Sādhu!

Three Bar Menu Button

Dhammapada 6 Paṇḍita Vagga: The Wise (76-89)

Listen:

Have a question?

Do you have a question about what you have read?