Categories
Dhammapada

DhammapadaDhp 24 Taṇhā Vagga
Craving (334-359)

Manujassa pamattacārino,
Taṇhā vaḍḍhati māluvā viya;
So plavatī hurā huraṃ,
Phalamicchaṃva vanasmi vānaro.

334. The craving of a person who lives negligently spreads like a creeping vine. Like a monkey who leaps from tree to tree in the forest seeking fruits, that person leaps from life to life, in this journey of misery.

ප්‍රමාදයෙන් කල් ගෙවන පුද්ගලයාගේ තෘෂ්ණාව වැඩෙන්නේ ගහ වටකරගෙන එතෙන මාළුවා වැලක් වගේ. වනයේ ගස්වල ගෙඩි කන්ට කැමැති වඳුරෙක්, ගහෙන් ගහට පැන පැන යනවා වගේ, ඒ තැනැත්තා භවයෙන් භවයට මාරුවෙනවා.

Yaṃ esā sahate jammī,
taṇhā loke visattikā;
Sokā tassa pavaḍḍhanti,
abhivaṭṭhaṃva bīraṇaṃ.

335. Whoever is overcome by this miserable, wretched, and sticky craving, his sorrow grows like rapidly growing grass after rain.

ලෝකයේ අරමුණුවලට ඇලී යන ස්වභාවය නිසා, විසත්තිකා යැයි කියන ලද ලාමක තෘෂ්ණාව විසින්, කාව හරි යටකරලා දැම්මොත්, ඒ පුද්ගලයා තුළ ශෝකය වැඩෙන්නෙ මහ වැස්සට තෙමිල, පඳුරු දාන සැවැන්දරා වගේ.

Yo cetaṃ sahate jammiṃ,
taṇhaṃ loke duraccayaṃ;
Sokā tamhā papatanti,
udabinduva pokkharā.

336. Whoever overcomes this miserable, wretched craving that is difficult to overcome, from him sorrow falls away like water drips from a lotus leaf.

මේ ලෝකයෙහි ඉක්මවා යන්ට දුෂ්කර වූ මේ ලාමක තෘෂ්ණාව යම් කෙනෙක් විසින් මර්දනය කළොත්, නෙළුම් කොළයකින් වතුර බිංදු ගිලිහී යනවා වගේ, ඔහු තුළින් ශෝකය පහවෙලා යනවා.

Taṃ vo vadāmi bhaddaṃ vo,
yāvantettha samāgatā;
Taṇhāya mūlaṃ khaṇatha,
usīratthova bīraṇaṃ;
Mā vo naḷaṃva sotova,
māro bhañji punappunaṃ.

337. This I say to you: Good luck to all assembled here! Dig up the root of craving like someone in search of the fragrant root of the bīrana grass. Do not let Māra crush you over and over again, as the flood crushes a bunch of bamboo trees on a bank of the river.

දැන් මෙතනට රැස්වෙලා ඉන්න හැමදෙනාටම යහපතක් වේවා! මං ඔබට අවවාදයක් දෙන්නම්. සැවැන්දරා මුල්වලින් ප්‍රයෝජන ඇති උදවිය, සැවැන්දරා පඳුරු මුලින් උදුරලා දානවා වගේ, මේ තෘෂ්ණාවත් මුලින්ම උදුරලා දාන්න. ගං ඉවුරේ හැදිච්ච උණ පඳුරක් සැඩ වතුර පහරකින් ගැලවිලා ගහගෙන යනවා වගේ, මාරයා විසින් ඔබව ආයෙ ආයෙමත් විනාශ කරන්ට එපා!

Yathāpi mūle anupaddave daḷhe,
Chinnopi rukkho punareva rūhati;
Evampi taṇhānusaye anūhate,
Nibbattatī dukkhamidaṃ punappunaṃ.

338. Just as a tree, though cut down, grows again if its roots are strong and remain uncut, so does suffering sprout again and again until the tendency of craving in the mind is rooted out.

මුල හයියට තියෙන, හොඳට වැඩුණු ගහක්, කොච්චර වතාවක් කැපුවත්, ආයෙ ආයෙමත් දළු දාල වැඩෙනවා. ඒ වගේ මේ සිත ඇතුලේ තියෙන තණ්හාව උදුරා නොදමනතාක් කල්, මේ සසර දුක ආයෙ ආයෙමත් හටගන්නවා.

Yassa chattiṃsati sotā,
manāpasavanā bhusā;
Mahāvahanti duddiṭṭhiṃ,
saṅkappā rāganissitā.

339. Thirty-six streams of craving flow through pleasurable objects. The misguided person who is entangled by this craving is carried away to hell by the flood of lustful thoughts.

ප්‍රිය මනාප වූ අරමුණු ඔස්සේ මේ ආයතනයන්ගෙන්, තිස් හය ආකාරයකින් තණ්හා ගඟ ගලනවා. ඒ තණ්හාවට අහුවෙලා, සරාගී කල්පනාවටම බැඳිලා ඉන්න අඥාන පුද්ගලයා අපායට ගිහිල්ලයි නවතින්නේ.

Savanti sabbadhi sotā,
latā uppajja tiṭṭhati;
Tañca disvā lataṃ jātaṃ,
mūlaṃ paññāya chindatha.

340. The stream of craving flows through every sense base and the creeper of craving sprouts and grows throughout your life. In seeing that the creeper has sprouted in you, cut off its roots with the sword of wisdom.

මේ ඇස්, කන්, නාසාදී හැම තැනකින්ම තණ්හා ගඟ ගලා බසිනවා. ඊට පස්සේ මේ තණ්හාව ජීවිතය පුරා එතිලා තියෙන්නෙ වැලක් වගේ. තමන් තුළ හටගත්තු මේ තණ්හා වැල හඳුනාගෙන, ප්‍රඥාව නමැති ආයුධයෙන්, මුලින්ම සිඳින්ට ඕනෙ.

Saritāni sinehitāni ca,
Somanassāni bhavanti jantuno;
Te sātasitā sukhesino,
Te ve jātijarūpagā narā.

341. When craving flows through objects, feelings of pleasure arise in beings. They get attached to that pleasure and seek more enjoyment. Undoubtedly, these people are bound to the journey of birth and old age.

මේ සත්වයාට තෘෂ්ණාව නිසා තමන් ගන්නා අරමුණු ඔස්සේ යම්කිසි සතුටක් ඇතිවෙනවා තමයි. ඔවුන් ඒ මිහිරට බැඳෙනවා. ඒ සැපයම හොයන්ට පටන් ගන්නවා. එබඳු සත්වයන් ඒකාන්තයෙන්ම ඉපදෙන දිරන සංසාරය කරාම යනවා.

Tasiṇāya purakkhatā pajā,
Parisappanti sasova bandhito;
Saṃ­yoja­na­saṅ­gasattakā,
Dukkhamupenti punappunaṃ cirāya.

342. Surrounded by craving, these people run around frightened like a trapped rabbit. Held by fetters and bonds of defilements, they suffer repeatedly over a long time.

මේ සත්ව ප්‍රජාව තණ්හාව මුල්කරගෙන යන ගමනේදී භයේ ගැහි ගැහී ඉන්නෙ, තොණ්ඩුවකට අහුවෙච්ච හාවෙක් වගේ. කෙලෙස් බන්ධනයෙන් බැඳුණු සත්වයන් අනන්ත කාලයක් තිස්සෙ ජරා මරණ දුකට ම යි ආයෙ ආයෙමත් වැටෙන්නෙ.

Tasiṇāya purakkhatā pajā,
Parisappanti sasova bandhito;
Tasmā tasiṇaṃ vinodaye,
Ākaṅkhanta virāgamattano.

343. Surrounded by craving, these people run around frightened like a trapped rabbit. Therefore, the monk who wishes for passion-free Nibbāna should destroy his own craving.

මේ සත්ව ප්‍රජාව තණ්හාව මුල්කරගෙන යන ගමනේදී භයේ ගැහි ගැහී ඉන්නෙ, තොණ්ඩුවකට අහුවෙච්ච හාවෙක් වගේ. ඒ නිසා තෘෂ්ණා රහිත වූ නිවන කැමති භික්ෂුව ඒ තණ්හාවමයි දුරුකරන්ට ඕනෙ.

Yo nibbanatho vanādhimutto,
Vanamutto vanameva dhāvati;
Taṃ puggalametha passatha,
Mutto bandhanameva dhāvati.

344. There is a person who, turning away from the forest of defilements called household life, delights in the monk life. But after being freed from the forest of defilements called the household life, he runs back to it. Look at that person! Though freed, he runs back to that very bondage!

යමෙක් ගිහි ජීවිතය නමැති කෙලෙස් වනයෙන් නිදහස් වෙලා, අරණ්‍ය වාසයට ඇලෙනවා. ගිහි බන්ධනයෙන් නිදහස් වෙලා ඉන්න ඔහු, ආයෙමත් කෙලෙස් වනයක් වූ ගිහිගෙදරටම දුවනවා. බන්ධනයෙන් මිදිලා, ආයෙමත් බන්ධන වෙතම දුවන මේ පුද්ගලයා දිහා බලන්න.

Na taṃ daḷhaṃ bandhanamāhu dhīrā,
Yadāyasaṃ dāruja­pabba­jañca;
Sārattarattā maṇikuṇḍalesu,
Puttesu dāresu ca yā apekkhā.
Etaṃ daḷhaṃ bandhanamāhu dhīrā,
Ohārinaṃ sithilaṃ duppamuñcaṃ;
Etampi chetvāna paribbajanti,
Anapekkhino kāmasukhaṃ pahāya.

345-346. If a person was bound with chains made of iron, shackles made of wood, and ropes made of hemp grass, those bonds are not called strong bonds by the wise. Instead, the infatuation and longing for jewels, ornaments, children, and wives—that, they say, is a far stronger bond, which pulls one downwards all the way to hell, and, though seemingly loose, is hard to remove. This, too, the wise cut off. By abandoning sense pleasures, and without any longing, they become monks and nuns.

යම් කෙනෙක්ව යකඩ දම්වැල්වලින් බැඳලා තිබ්බත්, දඬු කඳේ ගහලා තිබ්බත්, බබුස් තණවලින් කරපු ලණුවලින් බැඳලා තිබ්බත්, ප්‍රඥාවන්තයෝ බලවත් බන්ධනය කියලා කියන්නෙ ඒකට නොවෙයි. කනකර ආභරණවලට, අඹු දරුවන්ට බැඳී ගිය සිතින් යුක්තව, ඔවුන් ගැන යම් අපේක්ෂාවක් ඇද්ද, ප්‍රඥාවන්තයෝ අන්න ඒකට තමයි බලවත් බන්ධනය කියලා කියන්නෙ. ඒක හරි ලිහිල්ව පෙනුනට අපායට ඇදගෙන යන්න පුළුවන් වූත් මිදෙන්ට දුෂ්කර වූත් බන්ධනය ඒකමයි. කාම සැපය සිතින් අත්හැරලා, ඒ කෙරෙහි අපේක්ෂා රහිත වන නුවණැති උදවිය නිවන අපේක්ෂාවෙන් පැවිදි වෙනවා.

Ye ­rāgarat­tā­nu­patanti sotaṃ,
Sayaṅkataṃ makkaṭakova jālaṃ;
Etampi chetvāna vajanti dhīrā,
Anapekkhino sabbadukkhaṃ pahāya.

347. Those who are obsessed with passion and have fallen into the flood of craving, are like a spider, caught in its own web. This, too, the wise cut off. In order to abandon all suffering, without any longing for sense pleasures, wise people become monks and nuns.

මේ රාගයට ඇලිලා, තෘෂ්ණා සැඩපහරට වැටිලා ඉන්නෙ තමා විසින්ම දැල වියාගෙන, ඒක මැද්දටම වෙලා ඉන්න මකුළුවෙක් වගේ. නමුත්, නුවණැති උදවිය සියලු දුක් නැතිකර දැමීමට කාමයන් කෙරෙහි අපේක්ෂා රහිත වෙලා, කෙලෙස් බන්ධන සිඳගෙන නිවන කරාම යනවා.

Muñca pure muñca pacchato,
Majjhe muñca bhavassa pāragū;
Sabbattha vimuttamānaso,
Na punaṃ jātijaraṃ upehisi.

348. Let go of regret over the past, let go of dreaming over the future, and let go of clinging to the present. Go beyond existence. With the mind liberated in every way, do not come again and again to the world of birth and old age.

අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න. අනාගතය මවන එකත් අත්හරින්න. වර්තමානයට බැඳෙන එක අත්හරින්න. මේ භවයෙන් එතෙර වෙන්න. හැම දේකින්ම මිදුණු සිතක් ඇති කෙනෙක් වෙන්න. ආයෙ ආයෙමත් මේ ඉපදෙන දිරන ලෝකයට නොඑන කෙනෙක් වෙන්න.

Vitak­ka­mathi­tassa jantuno,
Tibbarāgassa subhānupassino;
Bhiyyo taṇhā pavaḍḍhati,
Esa kho daḷhaṃ karoti bandhanaṃ.

349. Some people are occupied with sensual thoughts. With a mind of strong lust, they focus on what is pleasant. In them, craving grows more and more. Indeed, they strengthen their bond of craving.

සමහර උදවිය ඉන්නවා, කාම විතර්කමයි හිත හිත ඉන්නේ. තියුණු රාග සිතකින් යුක්තව සුභ විදිහටමයි බල බලා ඉන්නෙ. එතකොට ඔහු තුළ බොහෝ සෙයින් තණ්හාව ම යි වැඩෙන්නෙ. අන්තිමේදී ඒ තණ්හා බන්ධනය හොඳටම දැඩි වෙලා යනවා.

Vitakkūpasame ca yo rato,
Asubhaṃ bhāvayate sadā sato;
Esa kho byanti kāhiti,
Esa checchati mārabandhanaṃ.

350. He who delights in subduing lustful thoughts, who meditates on the impurities of the body and is constantly mindful—it is he who will make an end of craving and will cut Māra’s bond.

රාග සිතුවිලි සංසිඳවා ගැනීමෙහි සිත අලවාගෙන හැමවිටම සිහි ඇතිව අසුභ භාවනාව වඩනවා නම්, අන්න ඒ තැනැත්තා මේ තණ්හාව ප්‍රහාණය කරනවා. මාර බන්ධනය සිඳලා දානවා.

Niṭṭhaṅgato asantāsī,
vītataṇho anaṅgaṇo;
Acchindi bhavasallāni,
antimoyaṃ samussayo.

351. The monk who has reached the end goal, Nibbāna, is fearless, free from craving, taintless, and has plucked out the spikes called existence—for him, this is the last body.

යම් භික්ෂුවක් නිවන් මගේ කෙළවරට ගියා නම්, කිසි තැතිගැනීමක් නැත්නම්, තණ්හාව දුරු කළා නම්, නිකෙලෙස් නම්, භවය නමැති උල් උදුරලා දැම්මා නම්, ඔහුට තිබෙන්නෙ මේ අන්තිම ශරීරය විතරයි.

Vītataṇho anādāno,
Nirutti­pada­kovido;
Akkharānaṃ sannipātaṃ,
Jaññā pubbāparāni ca;
Sa ve “antimasārīro,
Mahāpañño mahāpuriso” ti vuccati.

352. The monk who is free from craving and attachment, is skilled in teaching the true meanings of the Dhamma, and knows the meaning of words and phrases,—he, indeed, is the bearer of his final body. He is truly called the profoundly wise one, the great man.

යම් භික්ෂුවක් තෘෂ්ණාව දුරුකරලා නම්, උපාදාන රහිත නම්, නිවන් මග පවසන්ට දක්ෂ නම්, පෙර පසු පද ගලපාගෙන, අකුරුත් ගලපාගෙන, මනාකොට ධර්මයත් පවසයි නම්, ඇත්තෙන්ම ඔහුට තියෙන්නේ අන්තිම ශරීරයක්. මහා ප්‍රඥාවන්තයා, මහා පුරුෂයා කියලා ඔහුටයි කිවයුත්තේ.

Sabbābhibhū sabba­vidū­hamasmi,
Sabbesu dhammesu anūpalitto;
Sabbañjaho taṇhakkhaye vimutto,
Sayaṃ abhiññāya kamuddiseyyaṃ.

353. I have conquered all unwholesome things. I have realized everything. I am stained by nothing. Abandoning all, I am freed through the destruction of craving. Having thus, directly realized all by myself, whom shall I call my teacher?

මං හැම අකුසලයක්ම මර්ධනය කළා. හැම දෙයක්ම අවබෝධ කළා. මං කිසි දේකට ඇලෙන්නෙ නෑ. හැමදේම අතහැරියා. තෘෂ්ණාව ක්‍ෂය වුණා. සසර දුකින් නිදහස් වුණා. ස්වයංභූ ඥානයෙන් යථාර්ථය අවබෝධ කළ මං කාව නම් ගුරුකොට ගන්ටද?

Sabbadānaṃ dhammadānaṃ jināti,
Sabbarasaṃ dhammaraso jināti;
Sabbaratiṃ dhammarati jināti,
Taṇhakkhayo sabbadukkhaṃ jināti.

354. The gift of Dhamma surpasses all gifts. The taste of Dhamma surpasses all taste. The delight in Dhamma surpasses all delights. The destruction of cravings conquers all suffering.

හැම දන් පරදවා ධර්ම දානයයි ජයගන්නෙ. හැම රස පරදවා ජය ගන්නේ දහම් රසයයි. හැම ඇල්ම පරදවා දහමට ඇළුම් කිරීමමයි ජයගන්නෙ. සියලු දුක් පරදවා තණ්හාව නැති කිරීම ම යි ජයගන්නේ.

Hananti bhogā dummedhaṃ,
no ca pāragavesino;
Bhogataṇhāya dummedho,
hanti aññeva attanaṃ.

355. Wealth destroys those who lack in wisdom, but, those who seek Nibbāna are not destroyed like that. The foolish person is destroyed by his own craving for wealth, as if he had made someone destroy him.

සැප සම්පත් විසින් අඥාන පුද්ගලයාව විනාශ කරල දානවා. නමුත් සසරින් එතෙර වීමට නිවන සොයාගෙන යන කෙනා ව ඒ විදිහට වනසන්ට බෑ. අඥාන පුද්ගලයා සැප සම්පත්වලට තියෙන ආශාව නිසා වැනසෙන්නෙ අනුන් ලවා තමන්වම වනසා ගන්නවා වගේ.

Tiṇadosāni khettāni,
rāgadosā ayaṃ pajā;
Tasmā hi vītarāgesu,
dinnaṃ hoti mahapphalaṃ.

356. Weeds are the ruin of fields; passion is the ruin of people. Therefore, what is offered to those free of passion bears great fruit.

කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප්‍රජාව ද රාගය නමැති රෝගයෙන් යුක්තයි. ඒ නිසා වීතරාගී උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නේ.

Tiṇadosāni khettāni,
dosadosā ayaṃ pajā;
Tasmā hi vītadosesu,
dinnaṃ hoti mahapphalaṃ.

357. Weeds are the ruin of fields; hatred is the ruin of people. Therefore, what is offered to those free of hatred bears great fruit.

කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප්‍රජාව ද ද්වේෂය නමැති රෝගයෙන් යුක්තයි. ඒ නිසා ද්වේෂ රහිත උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නේ.

Tiṇadosāni khettāni,
mohadosā ayaṃ pajā;
Tasmā hi vītamohesu,
dinnaṃ hoti mahapphalaṃ.

358. Weeds are the ruin of fields; delusion is the ruin of people. Therefore, what is offered to those free of delusion bears great fruit.

කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප්‍රජාව ද මෝහය නමැති රෝගයෙන් යුක්තයි. ඒ නිසා මෝහ රහිත උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නෙ.

Tiṇadosāni khettāni,
icchādosā ayaṃ pajā;
Tasmā hi vigaticchesu,
dinnaṃ hoti mahapphalaṃ.

359. Weeds are the ruin of fields; desire is the ruin of people. Therefore, what is offered to those free of desire bears great fruit.

කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප්‍රජාව ද ලාමක ආශාවන් නමැති රෝගයෙන් යුක්තයි. ඒ නිසා ලාමක ආශා රහිත උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නේ.

Sādhu! Sādhu! Sādhu!

Three Bar Menu Button

Dhammapada 24 Taṇhā Vagga: Craving (334-359)

Explore other suttas with this simile:

Listen:

Have a question?

Do you have a question about what you have read?