Categories
Dhammapada

DhammapadaDhp 18 Mala Vagga
Stain (235-255)

Paṇḍupalāsova dānisi,
Yamapurisāpi ca te upaṭṭhitā;
Uyyogamukhe ca tiṭṭhasi,
Pātheyyampi ca te na vijjati.

235. Your life is now like a yellowed, withered leaf. The wardens of hell are standing by. You have reached death’s door of downfall. Yet, it seems that you have made no merit as provision for your journey!

ඔබේ ජීවිතය දැන් ගිලිහී වැටෙන්නට සූදානම් වුණ, හොඳටම ඉදිච්ච කොළයක් වගේ නේද? දැන් ඔබ ළඟට යමපල්ලොත් ඇවිල්ලයි ඉන්නෙ. ඔබ පිරිහීමේ දොරකඩට ම ඇවිල්ල නේද ඉන්නෙ? පරලොව ගමනෙදි මග වියදමට කිසි පිනක් කරගත්තු බවක් පේන්ටත් නෑ.

So karohi dīpamattano,
Khippaṃ vāyama paṇḍito bhava;
Niddhantamalo anaṅgaṇo,
Dibbaṃ ariyabhūmiṃ upehisi.

236. Make an island for yourself. Be quick in making effort and become a wise person. Remove the stain of defilements and become undefiled. Enter the divine realm of the noble ones.

තමන්ට පිහිට පිණිස දිවයිනක් තනාගන්න. ඉක්මනට වීරිය කරන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න. කෙලෙස් මල දුරුකරලා නිකෙලෙස් වෙන්න. දිව්‍ය වූ ආර්ය භූමියට පැමිණෙන්න.

Upanītavayo ca dānisi,
Sampayātosi yamassa santikaṃ;
Vāso te natthi antarā,
Pātheyyampi ca te na vijjati.

237. You are now at the end of your life. You are headed to the presence of the King of Hell. You have not got much time to live. Yet it seems that you have made no merit as provision for your journey!

දැන් ඔබ හොඳටම වයසට ගිහිල්ල නේද ඉන්නේ? මරු කටේ නේද ඉන්නෙ? යමයා ළඟටම ගිහින් නේද ඉන්නෙ? ඔබට ජීවිතයත් – මරණයත් අතර වැඩි කාලයක් නෑ. පරලොවදී වියදමට රැස් කරගත්තු කිසි පිනකුත් පේන්න නෑ.

So karohi dīpamattano,
Khippaṃ vāyama paṇḍito bhava;
Niddhantamalo anaṅgaṇo,
Na punaṃ jātijaraṃ upehisi.

238. Make an island for yourself. Be quick in making effort and become a wise person. Remove stain of defilements and become undefiled. You must not come back again to this world of birth and decay.

තමන්ට පිහිට පිණිස දිවයිනක් තනාගන්න. ඉක්මනට වීරිය කරන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න. කෙලෙස් මල දුරුකරලා නිකෙලෙස් වෙන්න. ආයෙත් නම් ඉපදෙන මැරෙන ලෝකයට එන්න එපා.

Anupubbena medhāvī,
thokaṃ thokaṃ khaṇe khaṇe;
Kammāro rajatasseva,
niddhame malamattano.

239. The wise person, gradually, bit by bit, moment by moment, must cleanse his mind of the stain of defilements as a gold smith cleanses gold by removing stains.

ප්‍රඥාවන්තයා ක්‍රම ක්‍රමයෙන්, ටිකෙන් ටික ලද අවසරයෙන් සිත නිකෙලෙස් කරගන්ට ඕනෙ. රන්කරුවෙක් රත්තරන්වල තියෙන මලකඩ ටිකෙන් ටික අයින් කරලා පිරිසිදු කරනවා වගේ.

Ayasāva malaṃ samuṭṭhitaṃ,
Tatuṭṭhāya tameva khādati;
Evaṃ ati­dhona­cāri­naṃ,
Sāni kammāni nayanti duggatiṃ.

240. As rust born from iron eats away the very iron that formed it, so does the reckless behaviour of a monk leads him to the plain of misery.

යකඩයේ හැදෙන මලකඩ විසින් ම ඒ යකඩය කාලා විනාශ කරලා දානවා. අන්න ඒ විදිහටම සතර සතිපට්ඨානයෙන් තොරව, සිව්පසය විතරක් වළඳන්ට ගියොත්, ඒ කර්මය විසින් ම තමයි තමාව දුගතියට අරගෙන යන්නේ.

Asajjhāyamalā mantā,
anuṭṭhānamalā gharā;
Malaṃ vaṇṇassa kosajjaṃ,
pamādo rakkhato malaṃ.

241. Oral teachings become stained when not recited frequently, homes become stained by inactivity, laziness stains physical beauty, and negligence stains the guardian.

නිතර නිතර සජ්ඣායනා නොකළොත්, කටපාඩම් කරපු දේට මල බැඳෙනවා. උත්සාහයෙන් වැඩ නොකළොත්, ගෙදර දොරේ වැඩවලටත් මල බැඳෙනවා. කම්මැලිකමෙන් ඉන්ට ගියොත් ශරීර සෝභාවයටත් මල බැඳෙනවා. කෙත් වතු ආදිය රකින කෙනා ප්‍රමාද වුණොත්, ඒවාටත් මල බැඳෙනවා.

Malitthiyā duccaritaṃ,
maccheraṃ dadato malaṃ;
Malā ve pāpakā dhammā,
asmiṃ loke paramhi ca.

242. Misbehaviour is a stain in a woman. Stinginess is a stain in a giver. Stains, indeed, are all evil things, both in this world and the next.

චරිතය නරක් කරගැනීම ස්ත්‍රියකට කිලුටක්. දන් දෙන කෙනෙකුට මසුරුකම තිබීම කිලුටක්. පාපී අකුසලයන්, මෙලොව පරලොව දෙකට ම ඒකාන්තයෙන්ම කිලුටක්.

Tato malā malataraṃ,
avijjā paramaṃ malaṃ;
Etaṃ malaṃ pahantvāna,
nimmalā hotha bhikkhavo.

243. Ignorance is the greatest stain among all stains. Having removed this stain, monks become stainless!

ඔය ඔක්කොම මලකඩවලට වඩා, අතිශයින්ම භයානක මලකඩක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාව. පින්වත් මහණෙනි, මේ අවිද්‍යාව නැමැති මලකඩ නැතිකරලා දාලා නිර්මල වෙන්න.

Sujīvaṃ ahirikena,
kākasūrena dhaṃsinā;
Pakkhandinā pagabbhena,
saṅkiliṭṭhena jīvitaṃ.

244. Easy is life for someone without shame of wrongdoing, who is bold as a crow, ungrateful, arrogant, and corrupt.

පවට ලැජ්ජාවක් නැති, කාක්කෙක් වගේ අනුන්ව සූරාගෙන කන, ගුණමකු, හිතුවක්කාර, කිලුටු ජීවිතයක් ගෙවන කෙනෙකුට ලාභ සත්කාර මැද්දේ පහසුවෙන් ජීවත්වෙන්ට පුළුවන්.

Hirīmatā ca dujjīvaṃ,
niccaṃ sucigavesinā;
Alīne­nāppa­gab­bhena,
suddhājīvena passatā.

245. Difficult is life for someone who has shame of wrongdoing, who is always searching for purity, innocent, cautious, and values righteous living.

නමුත් පවට ලැජ්ජාව තියෙනවා නම්, නිතරම පිරිසිදු ජීවිතයක් ගැන විමසමින් ඉන්නවා නම්, හිතුවක්කාර නැත්නම්, යහපත් ජීවිතයක් ගෙවන, පිරිසිදු සිල්වත් ජීවිතයේ වටිනාකම දන්නවා නම්, අන්න ඒ භික්ෂුව අමාරුවෙන් තමයි ඒ විදිහට ජීවත් විය යුත්තේ.

Yo pāṇamatipāteti,
musāvādañca bhāsati;
Loke adinnamādiyati,
paradārañca gacchati.
Surā­meraya­pānañca,
yo naro anuyuñjati;
Idheva meso lokasmiṃ,
mūlaṃ khaṇati attano.

246-247. One who kills beings, lies, steals, goes to another man’s wife, and drinks intoxicants—such a man digs up his own grave here in this world.

යමෙක් ප්‍රාණඝාත කරනවා නම්, බොරු කියනවා නම්, සොරකම් කරනවා නම්, පර ස්ත්‍රීන් සේවනය කරනවා නම්, යමෙක් මත්පැන් පානය කරනවා නම්, ඔහු තමන්ගේ ජීවිතයේ තියෙන කුසල් මුල් මෙලොවදී ම විනාශ කරගන්නවා.

Evaṃ bho purisa jānāhi,
pāpadhammā asaññatā;
Mā taṃ lobho adhammo ca,
ciraṃ dukkhāya randhayuṃ.

248. Good man, know this: evil destroys one’s restraint. Do not let greed and wickedness drag you to the plain of misery, where you will suffer for a long time.

පින්වත් පුරුෂය, පව් කියල කියන්නෙ සංවරකම නැති වී යන දෙයක් බව දැනගන්න. ඔය හිතේ ඇතිවෙන ලෝභ, ද්වේෂ ආදිය විසින් ඔබව බොහෝ කලක් දුක් විඳින අපායට ගෙනියන්ට එපා!

Dadāti ve yathāsaddhaṃ,
yathāpasādanaṃ jano;
Tattha yo ca maṅku bhavati,
paresaṃ pānabhojane;
Na so divā vā rattiṃ vā,
samā­dhi­madhi­gacchati.

249. People give according to their faith and confident mind. This being the case, if one becomes discontented with the food and drink given by others, one cannot attain stillness of mind, either by day or by night.

කෙනෙක් තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයටයි, ප්‍රසාදයේ ප්‍රමාණයටයි දන් දෙන්නෙ. ඉතින් ඒ විදිහට අනුන් විසින් දන් දෙන කොට ඒ දානෙ ගැන හිත නරක් කරගන්නවා නම්, ඒ තැනැත්තාට දවාලටවත්, රාත්‍රියටවත්, සමාධියක් ඇතිකරගන්ට පුළුවන් වෙන්නෙ නෑ.

Yassa cetaṃ samucchinnaṃ,
mūlaghaccaṃ samūhataṃ;
Sa ve divā vā rattiṃ vā,
samā­dhi­madhi­gacchati.

250. But if one discards this discontent by cutting it out and uprooting it, one can attain stillness of mind, both by day and by night.

යම් කෙනෙකුට මේ හිත නරක්වීම මුලින්ම උදුරලා දාලා නසාගන්ට පුළුවන් වුණොත්, ඇත්තෙන් ම දවල් වේවා, රාත්‍රී වේවා, ඕනෑම වෙලාවක සමාධිය ඇතිකරගන්ට පුළුවන්.

Natthi rāgasamo aggi,
natthi dosasamo gaho;
Natthi mohasamaṃ jālaṃ,
natthi taṇhāsamā nadī.

251. There is no fire like lust, no trap like hate, no net like delusion, and no river like craving.

රාගයට සමකරන්ට පුළුවන් වෙන ගින්නක් නෑ. ද්වේෂයට සමකරන්ට පුළුවන් ග්‍රහණය වීමකුත් නෑ. මෝහයට සමකරන්ට පුළුවන් දැලකුත් නෑ. තණ්හාවට සමකරන්ට පුළුවන් ගඟකුත් නෑ.

Sudassaṃ vajjamaññesaṃ,
attano pana duddasaṃ;
Paresaṃ hi so vajjāni,
opunāti yathā bhusaṃ;
Attano pana chādeti,
kaliṃva kitavā saṭho.

252. It is easy to see the fault of others, but hard to see one’s own. One sifts out the faults of others like chaff but conceals one’s own as a crafty bird hunter hides behind camouflage.

අනුන්ගේ වැරදි නම් බොහොම අගේට පේනවා. නමුත් තමන්ගේ ලොකු වැරැද්දක්වත් පේන්නෙ නෑ. ඒ තැනැත්තා උස්තැනක ඉඳලා රොඩු බොල් පොළනවා වගේ, අනුන්ගේ දොස්මයි හොයන්නෙ. ඒ වුණාට තමන්ගේ ලොකු වැරදි පවා හංගගෙන ඉන්නවා. කොළ-අතුවලින් ඇඟ වහගත්තු කපටි ලිහිණි වැද්දෙක් වගේ.

Paravaj­jānupas­sissa,
niccaṃ ujjhānasaññino;
Āsavā tassa vaḍḍhanti,
ārā so āsavakkhayā.

253. If one focuses on other’s faults and constantly takes offense, one’s own impurities increase and one is far from the destruction of impurities.

අනුන්ගේ වැරදි ම නම් හොය හොයා ඉන්නෙ, නිතරම අනුන්ට ම නම් දොස් කිය කියා ඉන්නෙ, ඔහුට වැඩෙන්නෙ ආශ්‍රව විතරයි. ආශ්‍රව නැතිකිරීම නම්, ඔහුට ඉතාම දුර දෙයක්.

Ākāseva padaṃ natthi,
samaṇo natthi bāhire;
Papañcābhiratā pajā,
nippapañcā tathāgatā.

254. Birds do not leave tracks in the sky. No monk exists outside the Buddha’s path. People delight in obsessive thoughts, but the Buddhas are free of obsessive thinking.

කුරුල්ලන්ගේ පියවර සටහනක් අහසේ දකින්ට නෑ. ඒ වගේම මාර්ග-ඵල ලාභී ශ්‍රමණයෙක් බුදු සසුනෙන් බැහැර, වෙන ආගමක නෑ. මේ සත්ව ප්‍රජාව අකුසල් ම කල්පනා කර කර ඒකට ඇලිලා ඉන්නේ. නමුත් තථාගතයන් වහන්සේලා අකුසල් කල්පනාවලින් තොරවයි ඉන්නේ.

Ākāseva padaṃ natthi,
samaṇo natthi bāhire;
Saṅkhārā sassatā natthi,
natthi ­buddhā­na­miñjitaṃ.

255. Birds do not leave tracks in the sky. No monk exists outside the Buddha’s path. No conditioned things are eternal. No agitation exists for Buddhas.

කුරුල්ලන්ගේ පියවර සටහනක් ආකාසේ නෑ. ඒ වගේම මාර්ග-ඵල ලාභී ශ්‍රමණයෙක් බුදු සසුනෙන් බැහැර, වෙන ආගමක නෑ. හේතු-ඵල දහමෙන් සකස්වෙච්ච කිසි දෙයක් සදාකාලික නෑ. ඒ අස්ථිර දේවල් වෙනස් වෙලා යද්දි බුදුවරයන් වහන්සේලා තුළ ඒ ගැන කිසි කම්පනයක් නෑ.

Sādhu! Sādhu! Sādhu!

Three Bar Menu Button

Dhammapada 18 Mala Vagga: Stain (235-255)

Explore other suttas with this simile:

Listen:

Have a question?

Do you have a question about what you have read?