Maggānaṭṭhaṅgiko seṭṭho,
saccānaṃ caturo padā;
Virāgo seṭṭho dhammānaṃ,
dvipadānañca cakkhumā.
273. Of all paths, the Noble Eight Fold Path is the best. Of all truths, the Four Noble Truth is the best. Of all things, the passionless state, Nibbāna, is the best. Of all humans, the one with eyes of the Dhamma, Buddha, is the best.
අනුගමනය කළ යුතු වැඩපිළිවෙළවල් අතරේ පරම ශ්‍රේෂ්ඨ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යයන් අතුරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ චතුරාර්ය සත්‍යයයි. ධර්මයන් අතුරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ විරාගී නිවනයි. දෙපා ඇති මිනිසුන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ සදහම් ඇස් ඇති බුදු සමිඳුයි.
Eseva maggo natthañño,
Dassanassa visuddhiyā;
Etañhi tumhe paṭipajjatha,
Mārassetaṃ pamohanaṃ.
274. This is the only path for purifying one’s vision of truth; there is no other. Follow it and you will bewilder Māra.
ආර්ය සත්‍යාවබෝධය තුළින් පිරිසිදු වෙන්ට නම්, මේ මාර්ගය විතරමයි තියෙන්නෙ. වෙන මාර්ගයක් නෑ. ඔබත් මේ මාර්ගය ම පිළිපදින්න. මේ මාර්ගයෙන් තමයි මාරයාව රවට්ටන්න පුළුවන් වෙන්නෙ.
Etaṁhi tumhe paṭipannā,
dukkhassantaṃ karissatha;
Akkhāto vo mayā maggo,
aññāya sallakantanaṃ.
275. By following the Noble Eight Fold Path you can put an end to suffering. I have taught you this path which pulls out arrows of defilements.
ඔබ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම අනුගමනය කරලා, මේ සසර දුක අවසන් කරල දාන්න. රාගාදී කෙලෙස් හුල් උදුරලා දාන මේ මාර්ගය මං ඔබට කියා දෙන්නෙ ප්රත්යක්ෂ අවබෝධයෙන් ම යි.
Tumhehi kiccamātappaṃ,
akkhātāro tathāgatā;
Paṭipannā pamokkhanti,
jhāyino mārabandhanā.
276. You, yourself, must make a strong effort to attain Nibbāna. Buddhas only point the way. Those who follow the path and those who meditate will be freed from Māra’s bonds.
පින්වත් මහණෙනි, දුකෙන් නිදහස් වෙන්ට වීරිය අරගෙන, නිවන අවබෝධ කළ යුත්තේ ඔබ විසින් ම යි. ඒ වෙනුවෙන් තථාගතයන් වහන්සේලා කරන්නෙ නිවන් මග කියාදෙන එක විතරයි. මේ නිවන් මග පිළිපැද්දොත්, ධ්‍යාන වැඩුවොත්, මේ මාර බන්ධනයෙන් ඔබ නිදහස් වෙලා යනවා.
“Sabbe saṅkhārā aniccā”ti,
yadā paññāya passati;
Atha nibbindati dukkhe,
esa maggo visuddhiyā.
277. “All conditioned things are impermanent”—when one sees this with wisdom, one gives up admiration for suffering which is disguised as happiness. This is the path to purification, Nibbāna.
හේතූන්ගෙන් සකස්වුන හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් ඒක ම යි.
“Sabbe saṅkhārā dukkhā”ti,
yadā paññāya passati;
Atha nibbindati dukkhe,
esa maggo visuddhiyā.
278. “All conditioned things are suffering”— when one sees this with wisdom, one gives up admiration for suffering which is disguised as happiness. This is the path to purification, Nibbāna.
හේතූන්ගෙන් සකස්වුන හැම දෙයක්ම දුකක් බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් ඒක ම යි.
“Sabbe dhammā anattā”ti,
yadā paññāya passati;
Atha nibbindati dukkhe,
esa maggo visuddhiyā.
279. “All things are not-self”—when one sees this with wisdom, one gives up admiration for suffering which is disguised as happiness. This is the path to purification, Nibbāna.
හැම දෙයක්ම අනාත්ම බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් ඒක ම යි.
Uṭṭhānakālamhi anuṭṭhahāno,
Yuvā balī ālasiyaṃ upeto;
Saṃsannasaṅkappamano kusīto,
Paññāya maggaṃ alaso na vindati.
280. The inactive one who does not exert himself when he should, who though young and strong is full of laziness, with a mind full of vain thoughts—such an indolent person does not find the path to wisdom.
වීරිය කරන්ට ඕනෙ වෙලාවෙදි වීරිය කරන්නෙ නැත්නම්, ඇඟේ පතේ හයිය තියෙන වෙලාවෙ, කම්මැලිකමෙන් හිටියොත්, ලාමක දේවල් ගැන හිත හිත හිටියොත්, කුසීත වෙලා හිටියොත්, ඒ කම්මැලියාට ප්‍රඥාවෙන් දියුණු කරගත යුතු ආර්ය මාර්ගය නොලැබී යනවා.
Vācānurakkhī manasā susaṃvuto,
Kāyena ca nākusalaṃ kayirā;
Ete tayo kammapathe visodhaye,
Ārādhaye maggamisippaveditaṃ.
281. Let a person be watchful in speech, well restrained in mind, and not commit evil by the body. Let him purify these three courses of action and fulfill the path taught by the sages.
වචනය රැකගන්නවා නම්, සිත සංවර කරගන්නවා නම්, කයෙනුත් අකුසල් කරන්නෙ නැත්නම්, ඔය විදිහට කර්ම රැස්වෙන මාර්ග තුනම පිරිසිදු කරගන්නවා නම් අන්න ඒ තැනැත්තාට, අරහත් ඍෂිවරුන් අවබෝධයෙන්ම වදාළ ඒ නිවන් මග සම්පූර්ණ කරගන්ට පුළුවන්.
Yogā ve jāyatī bhūri,
ayogā bhūrisaṅkhayo;
Etaṃ dvedhāpathaṃ ñatvā,
bhavāya vibhavāya ca;
Tathāttānaṃ niveseyya,
yathā bhūri pavaḍḍhati.
282. Wisdom arises from calm and insight meditation. Without meditation wisdom decays. Knowing this two-way path for progress and decline, conduct yourself on the path which grows wisdom.
ඇත්තෙන්ම සමථ – විදර්ශනා භාවනාවෙන් ම යි ප්‍රඥාව වැඩෙන්නෙ. භාවනා නොකළොත්, ප්‍රඥාව විනාශ වෙනවා. ඒ නිසා දියුණුව පිණිසත්, පිරිහීම පිණිසත් පවතින ඔය මාර්ග දෙක තේරුම් ගන්ට ඕනෙ. ප්‍රඥාව වැඩෙන්නේ යම් මගකින් නම්, අන්න ඒ මාර්ගයේ තමයි ජීවිතය යොදවන්ට තියෙන්නෙ.
Vanaṃ chindatha mā rukkhaṃ,
vanato jāyate bhayaṃ;
Chetvā vanañca vanathañca,
nibbanā hotha bhikkhavo.
283. Oh monks, cut down the trees of defilements, but not the trees in the forest. From the trees of defilements, fear is born. Having cut down both large and small trees of defilements, be without defilements.
පින්වත් මහණෙනි, ඔය කෙලෙස් වනය කපලා දාන්න. හැබැයි වනාන්තරයේ ගස් කපන්ට එපා! කෙලෙස් වනයෙන් තමයි බිය හටගන්නෙ. මහ කෙලෙස් වනයත්, පොඩි කෙලෙස් වනයත් දෙකම කපලා දාලා, කෙලෙස් වනයකින් තොර අය වෙන්න.
Yāva hi vanatho na chijjati,
Aṇumattopi narassa nārisu;
Paṭibaddhamanova tāva so,
Vaccho khīrapakova mātari.
284. As long as the underbrush of desire, even the slightest, of a man towards a woman is not cut down, his mind is in bondage, like the suckling calf to its mother.
කාන්තාවක් පිළිබඳව පුරුෂයාගේ හිතේ, අල්පමාත්‍ර වූ තෘෂ්ණාවක් පවා නොසිඳී තිබුණොත්, ඒකටම හිත දුවනවා. මව් වැස්සී පස්සේ දුවන කිරි බොන වහුපැටියා වගේ.
Ucchinda sinehamattano,
Kumudaṃ sāradikaṃva pāṇinā;
Santimaggameva brūhaya,
Nibbānaṃ sugatena desitaṃ.
285. Cut off craving as one plucks with his hand an autumn lotus. Cultivate only the path to excellent peace, Nibbāna, as taught by the Well-Gone One, the Buddha.
සරත් කාලෙ කුමුදු මලක් අතින් කඩලා දානවා වගේ, තමන් තුළ තියෙන තෘෂ්ණාව ප්‍රඥාවෙන් කඩලා දාන්ට ඕනෙ. සුගතයන් වහන්සේ විසින් ඒ අමා නිවන ගැන කියා දීලයි තියෙන්නෙ. ඒ නිසා නිවනට පමුණුවන ආර්ය මාර්ගයේ ම යි ගමන් කරන්ට ඕනෙ.
Idha vassaṃ vasissāmi,
idha hemantagimhisu;
Iti bālo vicinteti,
antarāyaṃ na bujjhati.
286. “Here I will live in the rainy season, here in winter and summer”—thus thinks the fool. He does not realize the danger that death might intervene.
‘මං මේ පාර වස් කාලෙ මෙහෙ තමයි ඉන්නෙ. සීත කාලෙත් මෙහෙම ඉන්නවා. පායන කාලෙටත් මෙහෙ තමයි ඉන්ට වෙන්නෙ.’ ජීවිතය ගැන අවබෝධයක් නැති කෙනා ඔය විදිහට හිත හිතා ඉන්නවා. ඔය අතරෙ තමන්ට සිදුවෙන ජීවිත අනතුරු ගැන කිසිම අවබෝධයක් නෑ.
Taṃ puttapasusammattaṃ,
byāsattamanasaṃ naraṃ;
Suttaṃ gāmaṃ mahoghova,
maccu ādāya gacchati.
287. Some people live clinging to and intoxicated by children and wealth. Suddenly they are carried away to death by Māra, as a great flood carries away a sleeping village to the ocean.
සමහර උදවිය තමන්ගේ දූ දරුවන් ගැන, සතා සිව්පාවා ගැන, හිතින් බැඳිලා, එයින් මත්වෙලා කල් ගෙවනවා. අන්තිමේදී මාරයා ඇවිදින් ඔවුන්ව මරණය කරා ගෙනියන්නෙ, සැඩ වතුර පහරක් විසින් නිදිගත් ගමක් මුහුදට ගසාගෙන යනවා වගේ.
Na santi puttā tāṇāya,
na pitā nāpi bandhavā;
Antakenādhipannassa,
natthi ñātīsu tāṇatā.
288. For someone who is seized by Māra, there is no protection by relatives. No one can save him—not sons, not father, and not relatives.
මාරයා විසින් යටකරගත්තු සත්වයාට ආරක්ෂා ස්ථානයක් දූදරුවන්ගෙන් ලැබෙන්නෙ නෑ. පියාගෙන් ලැබෙන්නෙත් නෑ. නෑදෑයන්ගෙන් ලැබෙන්නෙත් නෑ. ඒ ඤාතීන් තුළ ඔහුට සැබෑම රැකවරණයක් ලැබෙන්නෙ නෑ.
Etamatthavasaṃ ñatvā,
paṇḍito sīlasaṃvuto;
Nibbānagamanaṃ maggaṃ,
khippameva visodhaye.
289. Realizing this truth, let the wise person restrain himself with virtue. Let him quickly clear the path to Nibbāna.
ඔය යථාර්ථය අවබෝධ කරගත් බුද්ධිමත් කෙනා සීලයෙන් සංවර වෙන්ට ඕනෙ. වහ වහාම නිවන් මග පිරිසිදු කරගන්ට ඕනෙ.
Sādhu! Sādhu! Sādhu!